ක්‍රීඩා සංගම්වල සිටින විවිධ පුද්ගලයන් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු හෝ අමාත්‍යවරයෙකු රැගෙන විත් එම සංගම් වල මුල් පුටුවේ හිදුවා තබා තමන්ගේ අවශ්‍යයතාවයන් ඉටු කර ගැනීම සාමාන්‍යය සිදුවීමක්ව පවතින බව පසුගිය කාලයේ වූ සිදුවීම් වලින් පැහැදිළී කර ගන්නට හැකි වී ඇත.ඒ නිසා මෙවර නිලවරණයේදී පාර්ලිමේන්තු මංත්‍රීවරුනට හෝ අමාත්‍යවරුනට ක්‍රීඩා සංගම්වල නිලවරණ සදහා සහභාගි වීමට අවසර නොදීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.
දැනට වොලිබෝල් මුල් පුටුවේ සිටින ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාට පමණක් එම තනතුරේ රැදී සිටීමට වෙනත් කරුණු කිහිපයක් පදනම් කර ගෙන අවසර ලැබී ඇති බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග වෙනත් අමාත්‍යවරුනට හෝ මංත්‍රීවරුනට එම අවසරය ලබා නොදීමට ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ තිබෙන බව වැඩි දුරටත් පැහැදිළි කරයි.
www.supirikrida.com
No comments:
Post a Comment