පන්දු ඕවරයට ලකුණු 7 ට වඩා ඉලක්කයක් තබා ගෙන පන්දුවට පහර දෙන්නට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම ඉලක්කය හමුවේ දැඩි අපහසුවකට පත් වූ බවක් මුල සිටම නිරූපනය වන අතර එහි ප්‍රතිපලය ලෙස සියළුම ලාංකේය පිතිකාරිණියන් ස්ථාවර ඉණිමක් ගොඩ නගා ගන්නට නොහැකිව අසරණ බවක් පෙන්නුම් කළහ.පන්දු ඕවර් 40 දී ඒ නිසා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ඉණිම ලකුණු 159 ට සීමා විය.දින දෙකකට පෙර ලාංකේය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේම අවධානයට ලක් කළ ක්‍රීඩිකාවන් එය අහම්බයක් දෝ යන සැකය ජගත් ක්‍රිකට් ප්‍රජාව තුළ ඇති කරමින් ලකුණු 209 ක පරාජයක් අත් කර ගත්හ.
නමුත් මෙවර ලාංකේය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ඓතිහාසික පියවරක් තව දුරටත් ඉදිරියට තැබීමට ඉඩ විවරව තිබෙන අතර ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ තරග වදින ඒ කාණ්ඩයේ සියළුම කණ්ඩායම් මේ වන විට එක තරගය බැගින් පමණක් ජය ගෙන තිබීම කිසා ශ්‍රී ලංකාවට ඉන්දියාවට එරෙහි තරගය ජය ගතහොත් අවසාන පූර්ව තරගයට පිවිසීමට තවමත් අවස්ථාව ඇත.
කෙසේ වුව ද ටේලර් වැනි සුප්‍රකට ක්‍රීඩකාවක් ලකුණු අතරට පැමිණීම නිසා ශ්‍රී ලංකාවට විදීන්නට වූ අන්ත පරාජය එංගලන්ත ජයෙන් පසුව ඇති කර ගත් අනුචිත සැහැල්ලුව නිසා අත් වූවක් දැයි සැක සිතෙන අතර ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරගයේදී ජයග්‍රාහී මානසිකත්වය වෙනුවට 'ජයගත යුතුය' යන සටන්කාමී මානසිකත්වයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ කළ යුතුය.
ශ්‍රී ලංකා - කොදෙව් තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය ඔස්සේ පිවිසීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/icc-womens-world-cup-2013/engine/current/match/594898.html
www.supirikrida.com
No comments:
Post a Comment