![French sprinter Myriam Soumare (Getty Images)](https://iaafmedia.s3.amazonaws.com/media/LargeL/4fc50c19-f013-4438-98d3-8f5a9d54a4bf.jpg)
මේ වසරේ ගෘහස්ත කාන්තා මීටර් 200 ඉසව්වේ හොදම කාලය වාර්තා කරමින් Eaubonne හී පැවති Meeting Feminin du Val d’Oise’ මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 200 ඉසව්ව තත්පර 22.87 කින් නිම කර ජය ගන්නට ප්‍රංශයේ මේරියම සමෝර් සමත් වූවාය.එහි විශේෂත්වය වන්නේ ඇය ප්‍රථම වරට එම ඉසව්වේ තත්පරේ 23 කාලයෙන් මෙපිට සිට එම තරගය නිම කිරීම වන අතර එහි දෙවන ස්ථානය ලැබූ ජැමෙයිකානු ක්‍රීඩිකා පැට්ට්‍රිසීයා හෝල් තත්පර 23.20 කින් තරගය නිම කළ අතර ඇය ඉකුත් වසරේ මෙම තරගාවලියේ මීටර් 200 ඉසව්ව ජයගත් ක්‍රීඩිකාව වූවාය.
ගෘහස්ථ තරගාවලියන් හී ධාවන පථය මීටර් 400 ක් වන්නේ නැති අතර එම ධාවන පථයක දිග ප්‍රමාණය මීටර් 200 ක් පමණි.මීටර් 400 ධාවන පථයක දී මීටර් 200 සදහා එක කවාකාර ධාවනයක පමණක් යෙදෙන්නට සිදු වුව ද,මීටර් 200 ධාවන පථයේදී එම දුර සදහා කවාකාර ධාවන දෙකක යෙදෙන්නට සිදුවන බැවින් මීටර් 400 ක ධාවන පථයක දී වාර්තා කරන කාලය වාර්තා කිරීමට නෙහැකිය.
www.supirikrida.com
No comments:
Post a Comment