![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLPhgb8O1OiJikeUY6x0D7ZxMZJSREOsdhPQgod2Xb1P_qwpsYIRJj75up4pPcynxp9N10mJSC_0l5hB4cYfS4alvbbLD1ePpKYNm4ShSIQw4pkKE6O5F69CCBPGkgEAghkOpxGVJNzng/s400/malidu.jpg)
ඉකුත් දා ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදුණ ජපාන කනගාවා කණ්ඩායම අතර පැවත් වූ තරග වලදී විනය කඩ වෙන ආකාරයෙන් විනිසුරු කටයුතු වල යෙදුණ අයෙකු ජපානයේ පැවත්වෙන විනිසුරු පාඨමාලාව සදහා සහභාගි කරවීමට ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකාව බිහිකළ ජාත්‍යන්තර මට්ටමේ විනිසුරුවරයා ව සුජීව විජේනායක පවසයි.විදේශ කණ්ඩායමක් නොව සාමාන්‍ය මට්ටමේ තරගයකදී හෝ ජංගම දුරකථනයක් භාවිතා කිරීම තරගය අවස්ථාවේ දී සිදු නොවිය යුතු දෙයක් බව පෙන්වා දෙන සුජීව තමා ප්‍රධාන විනිසුරුවරයා ලෙස සිටි තරගයේදී අදාළ පුද්ගලයා ජංගම දුරකතනය භාවිතා කරමින් විනිශ්චය තීරණ දීම නිසා තරගය අතරමග නවතා අවවාද දීමට සිදු වූ බවත් එය විදේශ ක්‍රීඩකයන් ඉදිරියේ රටම හෑල්ලුවට ලක් කිරීමක් බවත් පෙන්වා දෙයි.
ඒ අවස්ථාවට සහභාගි වී සිටි ජපාන විනිසුරු උපදේශකයන් පවා එම හැසිරීම ගැන පුදුම වුණා යැයි පවසන සුජීව විනිසුරු තීරණ වලදී වැරදීම් සිදුවිය හැකි වුවත් මෙවැනි විනිසුරුවරයෙකු සතු වගකීම නොතකා ක්‍රියා කරන පුද්ගලයන් අතින් තවත් වැරදි සිදු නොවන්නට නම් දඩුවමක් ලබා දීම අනිවාර්ය බව පෙන්වා දෙයි.නමුත් ජාතික සංගමයට මේ බව දන්වා (ඔවුන්ද එම සිදුවීම දැක ඇත) ඒ තත්ත්වය පදනම් කරගෙන මෙම පුද්ගලයාට ජපානයේ විනිසුරු පුහුණු කදවුර ලබා දීම නුසුදුසු බව පෙන්වා දුන්නද,සුජීව පවසන්නේ පරිපාලනය අවවාද කළ බව පෙන්වා දෙමින් එම පුද්ගලයාවම සහභාගි කරවන තීරණයේ එලැඹ සිටින බවය.
ප්‍රාථමික මට්ටමේ විනිසුරුවරයෙකු අතින් හෝ සිදු නොවිය යුතු සාරධර්ම නොතකා හැරීමක් වන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමේදී ජංගම දුරකතනයක් පාවිච්චි කළ පුද්ගලයෙකුට ජාත්‍යන්තර ඒ ශ්‍රේණියේ ආසන්නම පාඨමාලාව ලබා දීම අපේ රටේ ක්‍රීඩවේ විනය ගැන ජපානය ඉදිරියේ වැරදි චිත්‍රයක් මව පෙන්නීමක් විය හැකි බව සුජීව ගෙ අදහසයි.අදාළ පුද්ගලයාගේ හැසිරීම දුටු විශාල පිරිසක් මෙම පුහුණු කදවුරට ද සම්බන්ධ බැවින් එම විනය කඩ කිරීම මෙන්ම විනිසුරුවරයෙකු ලෙස සිටින පුද්ගලයෙකු වුව විනිසුරු පුහුණු කදවුරට ක්‍රීඩක ඇදුමෙන් සැරසී පැමිණිම නිසාද අවවාදයට ලක් වූ මොහුවම ජපාන සංචාරයට එක් කරන්නට සංගමය දැඩි තීරණයක් එලැඹ සිටීම කණ්ගාටුදායක තත්ත්වයක් බව සුජීව වැඩි දුරටත් පැහැදිළි කරයි.
මේ සම්බන්ධයෙන් බේස්බෝල් කේෂ්ත්‍රයේ සිටින පුද්ගලයින් පවසන්නේ මෙය එම පුද්ගලයා නියෝජනය කරන ක්‍රීඩා සමාජයට හිමිවන වරප්‍රසාදයක් බවයි.තනිකරම බේස්බෝල් ක්‍රීඩාව හැසිරවීම එම ක්‍රීඩා සමාජයේ පුද්ගයෙකු විසින් කරගෙන යනු ලබද්දී සෙසු නිලධාරීන් අඩුම තරමේ පෞද්ගලිකව සිය ක්‍රීඩා සමාජයට ඉන් වන හානිය හෝ නොතකා හැර සිටින බව පෙන්වා දෙන එම පිරිස් මේ නිසා ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය එම ක්‍රීඩා සමාජයේ උප ශාඛාවක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙන්වා දෙයි.
කනගාවා කණ්ඩායමට එරෙහි තරගයට කොළඹ ප්‍රදේශයේ බේස්බෝල් ක්‍රීඩා කරන පාසල් අතරින් තෝරාගත් හොදම කණ්ඩායම ඉදිරිපත් නොකර එම ක්‍රීඩා සමාජයට නෑකම් කියන පාසල් කණ්ඩායම ඉදිරිපත් කර අශෝභන පරාජයක් ලැබීම ඊට මනා උදාහරණයක් බව ඔව් හූ පෙන්වා දෙති.සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජපානයේ සංචාරයක යෙදෙන්නනේ නම් කනගාවා සමග තරගයක් පැවත්වීම සිදුවිය හැකි වුවත් ජපාන කණ්ඩායමක් ක්‍රීඩා සමාජ කණ්ඩායමක් හා තරග වැදීම යනු අභව්‍යය ක්‍රියාවක් බව ඔවුන්ගේ අදහසයි.
1 comment:
ehema puluwanda?
Japan kiyanne winaya tiyena ratakne.
Post a Comment