පකිස්තානයට ඊයේ දවස තුළ තිබූ
විශාලතම හිසරදය බවට පත් වූ නුවන් කුලසේකර සිය වේගයට වඩා මනා පාලනය සහිතව පන්දු
මිශ්රණයක් යොමු කරමින් පිතිකරුවන් ට විශාල තර්ජනයක් එල්ල කළ අතර ඔහු පන්දු ඔවර් 4
ලකුණු 13 ට නිමා කළේ කඩුලු 2 ක් ද සහිතවය.පන්දු ඕවර් 10 .1 ක් ගෙවෙන තැන දී
පකිස්තානයට සිය පිතිකරුවන් සිව් දෙනෙකු ලකුණු 41 ට අහිමි ව තිබු අතර ඉන් අනතුරුව
පිටියේ එක වූ සහීඩ් අෆ්රිඩී (නොදැවී 52) සහ සොහීබ් මලික් (27) අතර පස්වන කඩුල්ලට
ඇති වූ අගනා ලකුණු 68 ක සබදතාවය නිසා පකිස්තානයට සිය පන්දු ඕවර් 20 නිමා වන විට
ලකුණු 122 ක් ලබන්නට හැකි විය.
පිළිතුරු ඉණිමට පන්දුවට පහර
දීමට පැමිණි ශ්රී ලංකා පිළට ආරම්භය ලබා දෙන්නට මහේල ගේ වගකීම සංගක්කාරට පැවරී තිබුණ
ද එය එතරම් සාර්ථක නොවුණු අතර සංගක්කාර ලකුණු 8 ට දැවී ගිය පසු ශ්රී ලංකාව කරන්නට
උත්සාහ කළ අතහදා බැලීම අසාර්ථක කරමින් අංක තුන පිතිකරු ලෙස පිටියට එවූ නුවන්
කුලසේකර ලකුණු නොලබාම දැවී ගියේය.ඒ නිසා ලකුණු 19 ක් වන විට කඩුලු 2 ක් අහිමි වූ
ශ්රී ලංකාව වෙනුවෙන් මේ කාලයේ ලකුණු සොයමින් සිටින්නේකු ලෙසට පත් වී සිටින
ඩිල්ෂාන් සිය පිතිකරණ විශ්වාසය ගොඩ නගමින් සිටින අතරේදී ලකුණු 18 ට අෆ්රිඩී ට
ගොදුරු වීමත් සමග ශ්රී ලංකාවේ ජයග්රාහී බලාපොරොත්තු ඈත් වී ගියේය.ලහිරු
තිරිමාන්න ද ලකුණු 18 ක් ලැබූ අතර ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ චාමර කපුගෙදර ලකුණු
19 ක් ලැබීය.
අවසාන මොහොතේදී ඇන්ජලෝ
මැතිව්ස් දවා ගැනීමට අපූරු උඩ පන්දුවක් රැක ගත් අෆ්රිඩී ගේ තුන් ඉරියව් කැපී පෙනීමට පන්දුවෙන් තව
දුරටත් ශක්තිය ලබා දුන් යසීර් අර්ෆත් ලකුණු 18 ට කඩුලු 3 ක් සහ මොහොමඩ් සාමි ලකුණු
16 ට කඩුලු 3 ක් දවා ගත්තේය.පළමු තරගයේදී මෙන්ම ලකුණු ලබා ගැනීමට එරෙහි පවුරක්
වෙමින් පන්දු යැවූ සොහීල් තන්වීර් සිය පන්දු ඕවර් 4 ලකුණු 15 ට සීමා කළේ එක්
කඩුල්ලක් ලබා ගනිමින්ය.ඒ නිසාම තරගාවලිය පුරා ලංකාවට වඩාත්ම අහිතකර වූ පන්දු
යවන්නා වෙමින් කැපී පෙණුනු තනවීර් තරගාවලියේ ද වීරයා වූ අතර දෙවන තරගය ශ්රී
ලංකාවට එරෙහිව අෆ්රීඩි කළ තරගයක් බවට පත් කළ සහීඩ් අෆ්රීඩී තරගයේ වීරයා විය.
පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු
විස්තරයට පිවිසිය හැකි මගයි. http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562438.html
1 comment:
AFRIDIGE THUN IRIYAW DASKAM WAGEMA ASANTHAGE GONKAM ME THARANGA THEERANAYATA HETHUWAI..SRI LANKA FAN
Post a Comment