Jun 7, 2012

ඇමතිතුමනි! ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ඉතිහාසයේ සිට අනාගතයට එබී බලන්න


සියාවේ මලල ක්‍රීඩා ඉතිහාසයේ පිපෙන කැකුළු වල සුවද විද ගන්නට අලුතින් එලුණු සුගතදාස ධාවන පථය මග බලමින් සිටියි.එහෙත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යථාර්තය නම් මේ උළෙලෙන් මතු වුණු කැකුළු මල් බවට පත් වී සුවද හැමුවේ කලාතුරකින් බවය.
එසේ ඉතිහාසයෙන් හමුවන සුවද මල් වූ සුවද කැකුළු අතර ඉදිරියෙන්ම සිටින්නී සුසන්තිකා ජයසිංහ ය.ඇය ආසියාතික කණිෂ්ට මලල ක්‍රීඩා උළෙලෙන් නොනැවති ඔලිම්පික් උළෙලකදී ද ශ්‍රී ලංකාව රිදියෙන් නැහැ වීම දක්වා සිය හැකියාවන් ඉදිරියට රැගෙන යාමට තරම් භාග්‍යවන්ත වූවාය.දමයන්ති දර්ශා දෙවැන්නිය විය. එසේම  මේ ආසියානු කණිෂ්ඨ තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා දී ඇත්තේද සුසන්තිකා සහ දර්ශාම පමණි.ඔවුන් දෙදෙනාට පසුව වඩාත් ජාත්‍යන්තර මට්ටමෙන් කතා බහට ලක් වූ ක්‍රීඩකයා වන්නේ ෂෙහාන් අඹේපිටිය ය.ඔහු ද ශ්‍රී ලංකාවට මේ තරග ඉතිහාසයේ රිදී පදක්කමක් ලබා දීමෙන් නොනැවතී තවත් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා දී ඇත්තේය.
වර්ථමානයේ මීටර් 3000 බාධක දිවීමේ ජාතික වාර්තාලාභිණිය වන එරංගා දුලක්ෂි 2010 වසරේ පැවති ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගත් අතර ඇයද තවමත් නිසි අවස්තාවක් නොලදමින් මේ ක්ෂ්ත්‍රයේ රැදී සිටින්නීය.නිසි අවස්ථාව සහ අවධානය මේ කණිස්ඨ ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි නොවීම නිසාම ඒවා කැකුළු සුවද ට සීමා වී සුවද හමන මල් බවට පත් නොවී අකාලයේ පර විණි.
බෙනිල්ඩස් ප්‍රනානන්දු මේ තරග ඉතිහාසයේ පළමු පදක්කම්ලාභියා වූ අතර ඔහු ලෝකඩ පදක්කමක් ලබා දුන්නේය.ඔහුට ඇමෙරිකානු ශිෂ්‍යත්වයක් හිමි වූ අතර එහෙත් ඔහු නිසි අධීක්ෂණයකට ලක් නොවිණී.මෙම තරග ඉතිහාසයේ කණිෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස දැක් වූ දක්ෂතා සළකද්දී හමුවන සුවිශේෂීම ක්‍රීඩකයා මනෝජ් පුෂ්පකුමාර ය.ඔහු උළෙල දෙකක්   නියෝජනයට අවශ්‍යය පරිසාධන මට්ටම ඉක්මවා දක්ෂතා දැක්වීමේ හැකියාව ලැබා ඇති අතර ඒ අවස්ථා දෙකේදීම ඔහු  ශ්‍රී ලංකාවට රිදී පදක්කම බැගින් ගෙන එන්නට සමත් විය.නමුත් ඔහු ද නිසි අවධානයෙන් ඇගයීමෙන් තොරව ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට අහිමි වූ සම්පත් බවට පරිවර්ථනය විය.මෙම පදක්කම්ලාබීන් අතර ශ්‍රී ලංකාවට සහය දිවිමේ එක් රන් පදක්කමක් පමණක් හිමි ව ඇති අතර ඒ සදහා දායක වූ කණ්ඩායමේ සිටි ජෝයි ධනුෂ්ක ඒ ජයග්‍රහණයෙන් ඉක්බිතිව සුළු කාලයකදී එම කාල වකවානුවේ සිටි ශ්‍රී ලංකාවේ වේගවත්ම මිනිසා ලෙස ඉදිරියට පැමිණිය ද එය දීර්ඝ කාලයකට නොවිණි.අද ජෝයි මලල ක්‍රීඩා පිටියේ රැදී සිටින්නේ යගුලිය වීසි කිරීමේ සූරයෙකු ලෙසිණි.
ජානක වීරසිංහ මෙම තරග ඉතිහාසයේ මැදි දුර දිවීමේ ඉසව්වවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් ගෙන දීමට සමත් වූ එකම ක්‍රීඩකයා ලෙස දැකිය හැකි අතර ඔහු 2008 දී මීටර් 800 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් ක්‍රීඩකයා විය.නමුත් අද ඔහු එම ඉසව්වද අත හැර සිටින අතර කාලයත් සමග ජාතික තලයට පිවීසීමේ හැකියාවක් ඔහුගෙන් ද දිසි නොවිණි.
ක්‍රීඩකයා ගේ නොසැළකිල්ල ද නිසි අධික්ෂණය සහ සහයෝගය ද නොලැබීම නිසා මේ තරග ඉතිහාසයේ ආසියාව ජය ගත් පිරිස් ඉන් අනතුරුව ලංකාවේ දී ඔහු අංක එකට පත් නොවී ක්‍රීඩා පිටියෙන් වීසි වී ගිය බවක් පෙනෙන්නට තිබෙන බව පැහැදිළිව දැක ගත හැකිය.මේ තත්ත්වය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට ලක් විය යුතු තත්ත්වයකි.මේ තරග උළෙලේ ජයග්‍රාහකයන් මෙන්ම තරග උළෙල හරහා මෙන්ම මේ වන විටත් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සදහා තේරී ඇති අයද රැක ගැනීමට අනුග්‍රාහක වැඩ පිළිවෙලක් සමග ඔවුන්ව රැකෙන විනය නීති මාලාවක් ද ඉදිරිපත් කළ යුතුය.
මේ තරග උළෙලේ ජයග්‍රාහකයන්ට අමාත්‍යංශයෙන් ලැබන මුදල් ත්‍යාග පමණක් ප්‍රමාණවත් නොවන අතර ඔවුන්ට මාසික අනුග්‍රාහකත්වයක් හිමි විය යුතුය.එය දෙවසරකට හිමි වීම වුව ප්‍රමාණවත්ය.ඒ දෙවසර තුළ ඔහු හෝ ඇය ලැබිය යුතු ප්‍රගතිය මෙපමණක් විය යුතුය යන නිගමණයට එළැඹ ඒ තත්ත්වයට ළගා වීම මත හෝ ළගා නොවීම මත ඒ අනුග්‍රාහකත්වය පිළිබදව තීරණය කරන කඩ ඉමක් යෙදීම ද අගනේය.
තිබෙන තත්ත්වය අනුව අලුත් පරපුරක් ගැන සිතීම වඩා වැදගත් වන අතර ඒ නිසා ඒ පිළිබදව වන ආරම්භය මේ තරග උළෙ හරහා ලබා ගත හැකිනම් ක්‍රීඩා අමාත්‍යවරයාට සිය අමාත්‍ය ධූරය පිළිබදව අනාගතයේ දවසක සතුටු විය හැකි බොහෝ දේ ලැබෙනු ඇත. 

No comments: