කණිෂ්ඨ බොක්සිං ක්‍රීඩකයන්ට
ජාතික මට්ටමට පිවිසෙන්නට මග සකස් කරන ජාතික කණිෂ්ඨ බොක්සිං තරගාවලිය අද (ජූනි 09)
සිට දින පහක් (ජූනි 09 දක්වා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ දී පැවත්වෙන
බව ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සම්මේලනය වාර්තා කරයි.අන්තර්මාධය හෝ වෙනත් ජාතික
මට්ටමේ ජ්‍යෙෂ්ඨ බොක්සිං තරගාවලියක් නියෝජනය කර නොමැති අවුරුදු 17 සිට 34 දක්වා
වයසේ සිටින බොක්සිං ක්‍රීඩකයන්ට විවර වී තිබෙන මෙම තරගාවලිය රට පුරා බොක්සිං
සම්බන්ධයෙන් හිමි වී ඇති ජනප්‍රියත්වය නිසා දින පහක් පැවත්වීමට තරම් ඉල්ලුම් ලැබී
තිබෙන බව ආධුනික බොක්සිං සම්මේලනයේ ලේකම් මහේෂ් දහනායක පෙන්වා දෙයි.
බොක්සිං ක්‍රීඩාවට යොමුවීමේ
හොද ප්‍රවනතාවයක් රට පුරා දකින්නට ලැබෙනවා.මෙය රටට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා
දිය හැකි ඉසව්වක් ලෙස ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැගීමට සමත් ක්‍රීඩාවක් බවට පත් වී
සිටිනවා.ඒ සදහා අවශ්‍යය මග පෙන්වීම සහ ශක්තිය ලබා දුන් පුද්ගලයා ලෙස ඩයන් ගෝමස්
හිදින්විය හැකියි.යනුවෙන් මහේෂ් තව දුරටත් ඒ පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේය.
අද සිට දින පහක් පැවත්වෙන
තරගාවලිය සදහා කාන්තා බර පංති 10 සහ
පිරිමි බර පංති 10 ක තරග පැවත්වීමට
නියමිතය.
No comments:
Post a Comment