ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ
ප්‍රධානි අසන්ත ද මෙල් පසු ගිය දිනෙක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්
ට පන්දු යැවීමෙන් වැළකී සිටින ලෙස උපදෙස් ලබා දී තිබිය දී ඔහු අයිපීඑල් තරගවල
පන්දු යැවීම හෙළා දකිමින් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කර තිබිණ.ශ්‍රී ලංකා කණ්ඩායමට
ඔහු තෝරා ගන්නේ පිතිකරුවෙකු ලෙස පමණක් බව එහි දී අවධාරණය කරන අසන්ත,ඔහු ගේ සිරුරේ
පිහිටීම අනුව ඇගේ ඉහළ කොටස ඔරොත්තු දිය හැකි ශක්තිමත් පාද යුගලක් ඔහුට ස්වභාවයෙන්ම
අහිමි ව තිබෙන බවද පැහැදිළි කර තිබිණ.
මාධ්‍යයට කරුණු ඉදිරිපත්
කරමින් ද මෙල් අවධාරණය කර තිබුණේ,ඇන්ජලෝ මැතිව්ස් ට පන්දු නොයවන ලෙස අවධාරණය කර
තිබිය දී ඔහු පන්දු යවමින් සිය ක්‍රිකට් ජීවිතයට හානි පමුණුවා ගන්නා බව වන අතර ඔහු
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගෙන
ඇත්තේ පිතිකරුවෙකු ලෙස පමණක් වන බවය.නමුත් මහේල ජයවර්ධන ඔහු පන්දු යවන්නෙකු ලෙස
දිගින් දිගටම පන්දු යැවීම සදහා යොදා ගනිමින් සිටින බව දකින්නට ඇති අතර පකිස්තානයට
එරෙහිව පැවති තරගයේදී ද හොදම පන්දු යැවීම ප්‍රදර්ශනය කළේ ද ඇන්ජලෝ මැතිව්ස් ය.
No comments:
Post a Comment