Jun 9, 2012

කණිටු දස්කම් බලන්න පුදුම උනන්දුවක්


ද ඇරඹෙන 15 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නැරඹීම සදහා විශාල උනන්දුවක් ඇති වී තිබෙන බව මලල ක්‍රීඩා සංගම් ආරංචි මාර්ග සදහන් කරයි.පාසල්,වෙනත් සමාජ සංවිධාන මෙන්ම පවුල් පිටින් ද කොළම සුගතදාස ක්‍රීඩා සංකීරණ හෝටල් පරිශ්‍රයේ පිහිටුවා ඇති ක්‍රීඩා උළෙල ලේකම් කාර්යාලයට පැමිණෙන පිරිස් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට දක්වන උනන්දුව නිසා මෙම ක්‍රීඩා උළෙල නැරඹිම සදහා විශාල පිරිසක් එක් වනු ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩි පිරිස පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන බැවින් එම පාසල් දරුවන් උනන්දු කිරීම සදහා එම පාසල් වලට අයත් දූ දරුවන් කණ්ඩායම් ලෙස මෙම තරගාවලිය ආවරණයට සහභාගි වීමට ඉඩ තිබෙන බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග දින හතර සදහා නොමිළේ නිකුත් කළ ප්‍රවේශ පත් වලින් 15.000 ට වැඩි ප්‍රමාණයක් මේ වන විට අවසන් වී ඇති බව ද මල ක්‍රීඩා සංගම් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
අලුත් ධාවන පථය මෙන්ම ජාත්‍යන්තර තරගකාරීත්වය යන කාරණා මත මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි පිරිසක් සිය හොදම පෞද්ගලික දක්ෂතාවයන් සදහා පිවිසෙනු ඇතැයි බලාපොරොත්තු පළ වන අතර ජගත් මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන් දැනට සුදුසුකම් ලබා සිටින සිව් දෙනාට අමතරව තවත් කිහිප දෙනෙකු අදාළ පරිසාධනයට පිවිසෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග විශ්වාසය පළ කරයි.


No comments: