ජූනි 9 දා සිට 12 දා දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ
පවත්වන්නට යෙදෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන රටවල් ප්‍රමාණය
ඊයේ වන විට 34 ක් දක්වා ඉහළ ගියේය.අවසාන වරට ශ්‍රීලංකාවේ පැවත්වෙන තරගාවලියට
සහභාගි වීම සදහා අවස්ථාව ලද උස්බෙකිස්තානය ඊයේ හවස සිය රට වෙනුවෙන් 11 දෙනෙකු ගේ
ක්‍රීඩා කණ්ඩායමක් එවන බව සහතික කළේය.
තරගාවලිය වරක් අවලංගු වීම මත තරගාවලියට සහභාගී වීම
සම්බන්ධයෙන් රටවල් දෙගිඩියාවෙන් පසු වූ අතර නැවත තරගාවලිය ලබා දීමට ආසියානු මලල ක්‍රීඩා
සංගමය එකග වීම මෙන්ම තරගාවලියේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ආසියානු මලල ක්‍රීඩා
සම්මේලනයේ ලේකම් සහ භාණ්ඩාගාරික මොරිස් නිකලස් කරන ලද යහපත් ප්‍රකාශත් සමග
ආසියාතික රටවල අවධානය වැඩි වශයෙන් මේ තරගාවලියට සහභාගී වීම සම්බන්ධයෙන් යොමු විය.
ඒ නිසා තරග උළෙල සදහා සහභාගීත්වය සනාථ කිරීමට දී
ඇති කාලයෙන් අනතුරුව ද තරග සංවිධාන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් වූ අතර ඇති වූ
තත්ත්වයන් සැළකිල්ලට ගෙන ආසියානු මලල ක්‍රීඩා සංගමයේ ආශිර්වාදයද ඇතිව ඒ රටවලට
ඉදිරිපත් වීමට ඊයේ දක්වා කාලය ලබා දීමට එකග විය.ඒ අනුව පැමිණි රටවල් සළකා බලද්දී
හ්‍රී ලංකාවට පසුව මෙම තරගාවලිය නියෝජනය කරන වැඩිම පිරිස ජපානයෙන් ඉදිරිපත් වී ඇති
අතර ජපානයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 42 ක් ඇතුළුව මේ තරග උළෙට සහභාගි වන ජපාන කණ්ඩායම 61 කි.
www.supirikrida.com
No comments:
Post a Comment