Jun 6, 2012

ආසියානු බලවතුන් අද මලල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් ලංකාවට


ගෝස්තු 9 වන දා සිට 12 වන දා දක්වා ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක වන 15 වන ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන චීනය සහ  ජපානය නියෝජනය කරන මලල ක්‍රීඩා කණ්ඩායම් අද දිවයිනට පැමිණීමට නියමිතය.ඒ අනුව චීනය නියෝජනය කරමින් 36 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද,ජපානය නියෝජනය කරමින් 61 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද අද දිවයිනට ළගා වන අතර එම කණ්ඩායම් දෙකට අමතරව චීන තායිපේ කණ්ඩායම ද අද දිවයිනට ළගා වීමට නියමිතය.
චීන තායිපේ නියෝජනය කරමින් අද 44 දෙනෙකු ශ්‍රී ලංකාවට ළගා වන අතර මෙවර තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකාව හැරුණු විට වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් තරගාවලිය ආවරණය සදහා සහභාගි වන්නේද චීන තායිපේ වෙතින් වන අතර චීන තායිපේ මාධ්‍යවේදීන් හත් දෙනෙකු ද අද දිවයිනට ළගා වීමට නියමිතය.අද දිවයිනට ළගා වීමට නියමිත සවුදි අ‍රාබියානු කණ්ඩායම ට 28 දෙනෙක් අයත් වන අතර ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ තාක්ෂන කටයුතු වලට සම්බන්ධ නිළධාරීන් කිහිප දෙනෙකු ද අද ශ්‍රී ලංකාවට ළගා වීමට නියමිතය.

No comments: