Jun 8, 2012

ගුවන් හමුදාව සහ වරාය අධිකාරිය මංචි වොලිබෝලයේ රසකිරුළු පළදියි


මෙවර මංචි වොලිබෝල් තරගාවලියේ පිරිමි සූරතාවය ශ්‍රී ලංකා වරාය අධිකාරියත් කාන්තා සූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් විසින් දිනා ගන්නට සමත් විය.වරාය සිය ඉකුත් වසරේ සූරතාවය රැක ගන්නට සමත් වූ අතර  ගියවර සූරතාවය රැක ගන්නට ගිය විදේශ සේවා නියුක්ති කාර්යාංශ  පිළට සිදු වූයේ ආබාධයකට ලක්ව සිටින සිය කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩිකාව වන ලීනා  සදමාලි ගේ දායකත්වයේ අඩුව සමගින් අනු සූරතාවයේ රැදෙන්නටය.

කෙසේ නමුත් අවසන් තරග ද්විත්වයම තරග වට පහක් දක්වා දිගු විය.කාන්තා සූරතාවය සදහා පැවති අවසන් තරගයේදී ප්‍රථම සහ සිව්වන වටය 25 / 20 සහ 25 /18 ලෙස ජයගත් විදේශ සේවා කණ්ඩායම තරග වට 2 ක් ජයගත්ත ද ලකුණු 25/22 සහ 25/15 ක් ලෙස දෙවන සහ තෙවන වටය ජයගත් ගුවන් හමුදාව තීරාණාත්මක අවසන් වටයේදී ලකුණු 15 /7 ලෙස ජයග්‍රහණය ලබමින් තරගාවලියේ කාන්තා සූරියෝ වූහ.
පිරිමි අවසන් තරගය ද වට පහක් දක්වා දිගු වූයේ මෙවර මංචි කුසලාන තරගාවලියට සැබෑම උනුසුම් රසයක් එකතු කරමින්ය.එහිදී ප්‍රථම වටයම ජය ගනිමින් (25/22) ලෙස තරගයේ පෙරමුණ ගන්නට වරාය සමත් වුව ද,දෙවන වටයේදී සහ තෙවන වටයේදී 25/12 ක් සහ 25/18 ලෙස තරග වට දෙකක් ජයගත් ගුවන් හමුදාව තරගයේ පෙරමුණට පැමිණියේය.නමුත් තීරාණාත්මක සිව්වන වටය සහ පස්වන වටය 25/20 සහ 15 /13 ක් ලෙස ජයගත් වරාය සමස්ත සූරතාවය ජය ගත්තේය.
මෙම තරගාවලියට සමගාමීව පැවති දෙවන කොටසේ සූරතාවය ද ගුවන් හමුදා කාන්තා කණ්ඩායමටම හිමි විය.ඔවුන් වට 31ක් ලෙස ටොරිංටන් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ජය ගත්තේය.යුධ හමුදාවේ ඇහැලියගොඩ සහ නුවර කන්ඩායම් දෙකක් අතර පැවති දෙවන කොටසේ අවසාන තරගය ද ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර වට පහක් දක්වා දිගු වූ එම අවසන් තරගයේ ජය නුවර කණ්ඩායමට හිමි විය.
පහත දැක්වෙන්නේ තරගයේ නිල ප්‍රතිපල  සටහන සහ ඡායාරූප කිහිපයකි.

                                                                                                                   

No comments: