![]() |
ශිවන්ති |
ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ
නායකත්වය යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වේ රිදී
පදක්කම්ලාභිණිය වූ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ශිවන්ති කුමාරි රත්නායකට
හිමි වී ඇති අතර ඇය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ආසියාතික කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්
600 ට වැඩි පිරිසක් වෙනුවෙන් ක්‍රීඩක ප්‍රතිඥාව ලබා දීමට සුදුසුකම් ලබා ඇත.
පිරිමි කණ්ඩායමේ නායකත්වය යොවුන් පොදු රාජ්‍ය මණිඩලීය
තරගාවලියේ දී මීටර් 11ද කඩුලු ඉසව්වේ දී 7 වන ස්ථානය දිනා ගත් සුපුන් විරාජ් රන්දෙණියට හිමි වී
ඇත.රණබිම රාජකීය විද්‍යාලයේ සිසුවෙකු වන සුපුන්, ඉදුත් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා
තරගාවලිය නියෝජනයට සුදුසුකම් සැපිරෑ පළමු ක්‍රීඩකයා වුව ද ඔහුට හිටපු මලල ක්‍රීඩා
පරිපාලනය එම තරගාවලිය නියෝජනයට අවස්ථාව ලබා දුන්නේ නැත.පසුගිය පරිපාලකයන් බොහො
දෙනෙකුට නැවත නිලවරණයට පිවිසීමට අවස්ථාව ලබා දීමට අමාත්‍යවරයාගේ අවසරය නොලැබුණු
හේතු අතර නිවැරදිව තේරීම් නොකළ බවට එලල වූ චෝදනා වලදී සුපුන්ට එම අවස්ථාව ලබා
නොදීමත් බරපතල චෝදනාවක් ලෙස ගැණින.සුපුන් මෙවර ද මේ වන විටත් ස්පාඤ්ඤයේ බාසිලෝනා
හි පැවත්වීමට නියමිත ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන් තරග වැදීමට අවශ්‍යය
පරිසාධන මට්ටමට පිවිස ඇත.
සුපුන් |
තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් ඔලිම්පික් පහන
දැල්වීම සිදු වන්නේ යොවුන් උස පැනීමේ සූරී මධුෂානි නිමේෂා සිරිවර්ධන අතින් සහ චලන
වීරසිංහ අතිනි.පළමු ආසියාතික යොවුන් තරගාවලියේදී මීටර් 200 ශ්‍රී ලංකා සහය දිවීමේ
කණ්ඩායම පදක්කමක් කරා පිවිසෙද්දී එහි සාමාජිකාවක වූ නිමේෂා ගලෙන්බිදුනුවැව මධ්‍ය
මහා විද්‍යාලයේ සිසුවියක වන අතර ඇය පසුගිය යොවුන් පොදු රාජය මණ්ඩලීය ක්‍රීඩා උළෙල
ද නියෝජනය කර ඇත්තීය.එසේම මේ වන විටත් බාසිලෝනා හී පැවත්වීමට නියමිත ජගත් කණිෂ්ඨ
මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කිරීමට අවශ්‍යය පරිසාධන මට්ටම උස පැනීමේ ඉසව්වෙන් ඉක්මවා සිටින්නීය.
![]() |
නිමේෂෘ |
![]() |
චලන |
චලන වීරසිංහ දික්වැල්ල විජිත මධ්‍ය විද්‍යාලයේ සිසුවෙකු
වන අතර ඔහු ඉකුත් 7 වන ජගත් මලල ක්‍රීඩා
සූරතාවලිය නියෝජනය කළ අතර යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරමින්
හෙල්ල වීසි කිරීමේ ඉසව්වේ හයවන ස්ථානය ද ලැබීය.කණ්ඩායම් නායකත්වය පිළිබදව සළකා
බැලීමට සහ අනෙකුත් ප්‍රදාන වගකීම් පැවරීම සදහා ක්‍රීඩකයන් පස් දෙනෙකු සහ ක්‍රීඩිකාවන්
තිදෙනෙකු ගේ දක්ෂතා සළකා බැලුණු අතර ඒ අතරින් සළකා බැලීමට ලක් වූ මීටර් 3000 බාධක
දිවීමේ ඉසව්ව සදහා 7 වන ජගත් මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කළ දිලීප අබේකෝන්
තේරීම් සදහා සළකා බැලූ නීතිමය තත්ත්වයන් අනුව කටයුතු නොකර තිබීම නිසා සංචිතයෙන්ද
ඉවත් කර ඇත.ඔහු කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ අතර
හොරණ තක්ෂිලා විද්‍යාලයේ සිසුවෙකු වන 7 වන ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සහ
යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන මීටර් 400 කඩුලු
පැනීමේ ඉසව්වේ අනාගත බලාපොරොත්තුවක් ලෙස සැළකෙන ලහිරු ප්‍රසංජිත් ද විය.
එසේම කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සිසුවෙකු වන සජිත්
සත්සර ද සිල්වා ද මෙම වගකීම් පැවරීම සදහා සළකා බැලූ ක්‍රීඩක ගොන්නේ සිටි අතර ඔහු 7
වනජගත් මලල ක්‍රීඩා සූරතාවලියේ දී මීටර් 100 ඉසව්ව නියෝජනය කළ ක්‍රීඩකයෙකි.
No comments:
Post a Comment