ජූනි 9 දා සිට ශ්‍රී ලංකාවේ පැවත්වෙන 15 වන ආසියානු
කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන් මුද්‍රණය කරන ලද ප්‍රවේශපත්‍ර වලින් සියයට
අසූවක් මේ වන විට විකිණී අවසන් බව එම උළෙල සංවිධායක මණ්ඩලය පවසයි.මෙම ක්‍රීඩා උළෙල
නැරඹීමට ප්‍රවේශපත්‍ර අවශ්‍යය වන අතර එම ප්‍රවේශපත්‍ර නිකුත් වීම ටොරිංටන් හී ක්‍රීඩා
සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සහ සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන්
පිහිටුවා තිබෙන ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීමට හැකියාව ඇත.
මේ වන විටත් තරගාවලිය වෙනුවෙන් රටවල් 31 ක් සහභාගි වන
අතර ඒ අතරින් කටාර්,කුවේට් සහ යේමනය ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රීඩා පුහුණුවීම්වල
යෙදෙමින් ඇත.
No comments:
Post a Comment