මෙවර තරගාවලියේ පෙරළි ගණනාවක්ම සිදු වූ අවුරුදු 15 න් පහළ බාලිකා අංශයේ සූරිය වූ මහනුවර මහමායා විද්‍යාලයේ රිද්මි කරදනආරච්චි මෙවර හොදම නැගී එන ක්‍රීඩක සම්මානයේ උරුමක්කාරිය වූ අතර ඇය අවුරුදු 18 න් පහළ මිශ්‍ර තරගයේදී එම අනු සූරතාවයට උරුමකම් කීමට උදය රණසිංහ සමග එක් වී සමත් වුණා.
කලෙකට පසුව මේසපන්දු පිටියේ කැපී පෙණුන අම්බලන්ගොඩ ධර්මාශෝකයේ නුවනි නවෝද්‍යා ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් මේ වසරේ අවුරුදු 18 න් පහළ බාලිකා අංහයේ අංක එකට ශ්‍රේණිගතව සිටි ධර්මාශෝකයේම එරන්දි වරුසවිතාන පරාජය කරමින් අවුරුදු 18 න පහළ සූරිය බවට පත් වුණා.එතෙකින් නොනැවතුණු නුවනි සිය විද්‍යාලයේ උමායා තාරුකී සමග එක්ව අවුරුදු 18 න් පහළ බාලිකා යුගල සූරතාවය ද දිනා ගත්තා.
අවුරුදු 12 න් පහළ සූරිය වන්නට නුගේගොඩ අනුලා විද්‍යාලයේ හසිනි පියුමාලා සමත් වූ අතර එම වයස් කාණ්ඩයේ සූරයා වන්නට සෙලින්කෝ සසෙක්ස් පාසලේ චතුර ගුණසේකර සමත් වුණා.අවුරුදු 18 න් පහළ මිශ්‍ර යුගල සූරතාවය දිනා ගත්තේ මහනුවර විද්‍යාර්ථයේ ප්‍රසාද් ජේ ද සිල්වා සම කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය නියෝජනය කළ බුද්ධීපනි රාජගුරු යි.
මහනුවර ජගත් රාජපක්ෂ ජාත්‍යන්තර ගෘහස්ථ මේස පන්දු පිටියේ ක්‍රියාත්මක වූ මෙම තරගාවලියට සමගාමීව අද ජ්‍යෙෂ්ඨ සූරතාවලියද එහිදී ඇරඹෙන අතර කණිෂ්ඨ තරගාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම අද සහ හෙට පැවත්වෙන ජ්‍යෙෂ්ඨ සූරතාවලියේදී ද අභියෝගාත්මක ක්‍රීඩා රටාවක නියැලෙමින් එම තරගාවලියේ පෙරලිකාර ජයග්‍රහණ ලබා ගැනීමට ඉඩ තිබෙනවා.
No comments:
Post a Comment