![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwQPzKrf5DusxgHCubPBVpPLtCkpwLfO6NwrEQzJ4UdkIB1PlLI2PaokCKc1qS2Lz1IYe2OcLO8HUfTUr4JhGOE7yxwdpBTCiQWLVwrR1H_Lq6ERTMBRNM24bsx5jP21QrAMR-zSbONPi7/s1600/netball.jpg)
ඒ අතරින් හිටපු දැල් පන්දු නායිකාවක,තේරිම් කමිටු සභාපතිවරියක ලෙස කටයුතු කළ දැළ විදින්නියක ලෙස සුපිරි ශිල්පීය ක්‍රමයන් භාවිතයට ගත් ක්‍රීඩිකාවක ද ලෙස ප්‍රකට ජයන්ති සෝමසේකරන් වැනි චරිත කැපී පෙනෙයි.ඇය ලේකම් තනතුරට තරග වදින අතර ඇය සමග තරග වදින්නේ ජාතික මට්ටමේ දැල් පන්දු තරග සංවිධානයේදී විශේෂ කාර්ය භාරයක් ඉටු කරන්නියක ලෙස කටයුතු කරන පාසල් දැල් පන්දු සංගමයේ හිටපු ලේකම්වරිය වන ශිරෝමි කුරුප්පු ය.එම දෙදෙනාට අමතරව කෝට්ටටේ දැල් පන්දු ඇකඩමිය හරහා ක්‍රීඩිකාවන් නිර්මාණය කිරිමට සහ එහි සාර්ථක පරිපාලන මෙහෙයුමට ද සම්බන්ධ ශ්‍යාමා කුරේ ද ලෙක්ම්වරියගේ භූමිකාව භාර ගැනීම සදහා තරගබිමට පිවිස සිටිති.
සභාපති තනතරට දෙදෙනෙක්,භාණ්ඩාගාරික තනතුරට දෙදෙනෙක් ලෙස තරග වදින අතර වැඩිම තරගකාරීත්වයක් දකින්නට ලැබෙන්නේ උප සභාපති තනතුර වෙනුවෙන්ය.එම තනතුරු පහ සදහා දොලොස් දෙනෙක් තරග බිමට පිවිසී සිටිති.
ආසියානු දැල් පන්දු තරගාවලිය මෙහෙයවීමේදී විශාල කාර්ය - භාරයක් ඉටු කළ තමාරා ධර්මකීර්ති මෙමවර නිලවරණයට ඉදිරිපත් නොවන අතර,එම තරගාවලියේ අක්‍රමිකතා සම්බන්ධ කරමින් පතුරවන ලද කතා ද එයට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය.නමුත් ඒ සම්බන්ධයෙන් චෝදනා ලද කමිටුවේ සිටි යසා රාමචන්ද්‍ර පසුව දැල් පන්දු කණ්ඩායමේ පුහුණුකාරියටත්,චන්ද්‍රානි පතිරාජ තේරීම් කමිටු සභාපති තනතුරටත් පත් කළ අතර එම පරිපාලනයේ ලේකම්වරියව සිටි යස්මින් ධර්මරත්න ද තරග බිමට පිවිස සිටින අතර මේ ආකාරයෙන් බලන කළ පෙනී යන්නේ එම චෝදනා සියල්ල කරමින් කළ විනය පරික්ෂණ වල අපේක්ෂාව වී ඇත්තේ තමාරා ධර්මකීර්ති ව ඉවත් කිරීමද යන්නය.
ශ්‍රී ලංකාවේ ආසියානු දැල් පන්දු තරගාවලි දෙකක්ම පැවත්වීමට නායකත්වය දුන් තැනත්තියක වන තමාරා ඈත් කර දැමීම හැර එම තරගාවලිය සම්බන්ධයෙන් එය නිමාවේ කතා කළ උණුසුම් කතා - බස් අතර සිදු වූ කිසිවක් ප්‍රායෝගිකව සිදු වී නොමැති අතර,විශේෂයෙන්ම දැඩි ලෙස චෝදනා එල්ල වූ පුහුණුකාරිණි හයසින්ත් විජේසිංහට ඇය සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගැනීමට පමා වන මොහොතේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ සිට ක්‍රීඩා අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතන දෙකම දැඩි විවේචනයට ලක් කර ජාතික පහුණුකරු තනතුරෙන් සමු ගැනීමට හැකි වූ අතර ඇය අද හමුදා කණ්ඩායමක පුහුණුකාරිය ලෙස ද කටයුතු කරන්නීය.
කිසිදු යහපත් ප්‍රතිපලයක් නොදුටු විනය කමිටුවේ සභාපතිවරිය වූ ලක්ෂ්මි වික්ටෝරියා ඇය විසින් මූලිකත්වය දැරූ විනය කමිටුවේ චෝදනාලාභින් ද නියෝජනය වන කණ්ඩායමක් සමග සභාපති තනතුරට තරග වැදිම මේ මොහොතේ දැල් පන්දු කේෂ්ත්‍රයේ දැඩි ලෙස කතා - බහට ලක් වෙමින් ඇත.එසේම ඇය සිය සැළසුම් සම්බනධයෙන් කතා කරන්නට ක්‍රීඩා කේෂ්ත්‍රයේ ප්‍රකට රුපවාහිනියක් සමග අනෙක් සභාපති අපේක්ෂිකාව සමග සාකච්ඡාවකට පැමිණිමට කරන ලද ආරාධනයක් ප්‍රතික්ෂේප කර ඇති අතර ඇය එසේ මාධය හමුවේ පෙනී සිටීමට අකමැති බවට කර ඇති ප්‍රකාශය අනුව ඇය සභාපති වුව ද තොරතොරු දැන ගැනීමට මාධ්‍යයට ඇති අයිතිය නොසළකා හරීද යන්න පිළිබදව සැක උපදවන්නේය.
කෙසේ හෝ දැල් පන්දුවේ අභිවෘද්ධිය පිණිස අනුග්‍රාහකත්වය ලබා දෙන සමාගමේ නිලධාරිණියක ලෙස ඇය මෙම තනතුරට ඉදිරිපත් වන්නේ නම් සෘජුව සිය අදහස් ප්‍රකාශ කරමින් සිය ආයතනය වැය කරන මුදලේ ප්‍රතිපලය ලංකාවේ දැල් පන්දුවට ලබා දෙන්නේ කෙසේද යන සැළසුම් ද ප්‍රකාශ කිරිමට අයිතියක් තිබෙන බව සුපිරික්‍රීඩා විශ්වාස කරන අතර එහිදි ඇය සිය ප්‍රතිවාදීන් සමග තර්ක කර වඩාත් සාර්ථක සැළසුම් තමන් ළග තිබෙන බව පෙන්වීමට මාධ්‍යයෙන් ලැබෙන අවස්ථා ප්‍රයෝජනයට ගැනීම තම ආයතනය වෙනුවෙන් ද කරන යුතුකමක් බව සිහිතබා ගත යුතුය.එසේ නොවන විට අනුග්‍රාහක ආයතනයේ සම්බන්ධතාවයෙන් තමන් බැබලීමට දරණ උත්සාහයකින් ඔබ්බට දෙයක් නොපෙනෙන බවත් සිය වගකීම තම ආයතනයේ කාර්යභාරය සහ දැල් පන්දුව බැබලීම බව පසක් කිරිම බවත් තේරුම් ගෙන නිලවරණයේ ඉදිරි කාලයට හෝමුහුණ දීම වැදගත්ය.
ඇයගේ ප්‍රතිවාදිණිය දැල් පන්දු පරිපාලනයේ මුල් පුටුව අවස්ථා කිහිපයකදිම උසුලා ඇති සහ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට නායකත්වය ද දී ඇති ක්‍රීඩිකාවක වන ට්‍රික්සි නානායක්කාරය.ඇය ක්‍රීඩා පණත ආදිය පිළිබදව දැඩි අවබෝධයකින් කටයුතු කරන තැනත්තියක් බව ප්‍රකට නමුත් තනතුරට පත් වීමෙන් පසුව ගනු ලබන මුරන්ඩු තීරණ නිසා අවස්ථා ගණනවකදීම ඇයගේ පරිපාලනයන් චෝදනා වලට ලක් වී ඇත.මේ තත්ත්වය පිලිබද ස්වයං විවේචනයක් සහිතව ඇය මෙවර නිලවරණයට පැමිණිය යුතු අතර ඉදිරි සැළසුම් පිළිබදව ලිඛිතව ප්‍රකාශයට පත් කළ යුතුය.
දැල් පන්දුව මේ වන විට වැටී ඇති අභාග්‍ය සම්පන්න ඉරණමෙන් ගොඩ ගැනීමට වඩාත්ම හිතකර සැළසුම් කා සතු වන්නේ දැයි සිතීම මිස,කණ්ඩායමක් ලෙස සළකා ඡන්දය දීමට යාම මේ මොහොතේ ඡන්දදායකයන්ගේ කාර්ය නොවිය යුතුය.ක්‍රීඩා අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුවද මේ තත්ත්වය තේරුම් ගෙන ක්‍රීඩා නිලවරණය පැවත්වීමේදී තමන්ට එය පැවත්වන්නේ කෙසේද යන්න පිළිබදව තීරණය කිරීමට ඇති හැකියාව ප්‍රයෝජනයට ගනිමින් රහස් ඡන්දයක් පැවත්වීම කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් ඡන්දදායකයන්ට සිය මනාපය දැල් පන්දුවේ හිත සුව පිණිස වඩාත් සුදුසු අය පත් කර ගැනීම වෙනුවෙන් භාවිතා කිරීමට ඉඩ-කඩ ලැබෙනු ඇති බව තේරුම් ගත යුතුය.
එසේ නොකර පැවති ඇතැම් නිලවරණ වල ප්‍රතිපල මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ සිට අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව ද භුක්ති විදිමින් සිටින බැවින් මෙම පරිපාලන නිලවරණයේදී රහස් චන්දයකට යාසේ වැදගත් කම ක්‍රීඩා බලධාරීන් විසින් නිර්නය කරනු ඇතැයි සුපිරික්‍රීඩා අපේක්ෂා කරයි.
No comments:
Post a Comment