Jan 8, 2013

වෙනස්කම් රැසක් මැද ඉෂාරා කේවල සූරතාවය අපහසුවෙන් රැක ගනියි

 හනුවර පේරාදෙණිය ජගත් රාජපක්ෂ අන්තර් ජාතික මේස පන්දු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති 66 වන ජාතික මේස පන්දු තරගාවලියේ දී ශ්‍රේණිගත කිරිම්වල පළමු තැන සිටි කේවල සහ යුගල ජයග්‍රාහකයන් බොහෝ දෙනෙකුට ජාතික සූරතාවය ජය ගැනීමේ අවස්තාව අහිමි විය.කේවල සූරයාව සිටි රොහාන් සිරිසේන ට අවසාන තරගයට හෝ ඒමට අවස්ථාව නොලැබුණු අතර කේවල සූරියව සිටි ඉෂාරා මධුරංගි කණිෂ්ඨ තරගාවලියේ නැගී එන ක්‍රීඩිකාව බවට පත් වූ රිද්මි කරන්දනආරච්චිගෙන් එල්ල වූ ප්‍රබල තර්ජනය අපහසුවෙන් මැඩ පවත්වා ගනිමින් වට 4 - 3 ක ජයක් අත් කර ගත්තාය.ඉෂාරා මෙම තරගයේදී මුල් වට තුනම රිද්මි ඉදිරියේ පරාජය වූ අතර අවසන් වට හතර සිය අත්දැකීම් මෙන්ම අවුරුදු 15 න් පහළ ක්‍රීඩිකාවක ලෙස රිද්මි සතු දරා ගැනීමේ ශක්‍යතාවයේ හීන බව ප්‍රයෝජනයට ගනිමින් ඉෂාරා ජය ගන්නට සමත් වූවාය.
ඊට අමතරව තරගාවලියේ මිශ්‍ර යුගල අංක එකේ ශ්‍රේණිය ද ඉෂාරා සහ රොහාන් සිරිසේන විසින් හිමි කර ගන්නට සමත් වූ අතර රොහාන් කේවල තරගයෙදී අංක දෙකට සිටි නිර්මාල් ජයසිංහට මෙන්ම කණිෂ්ඨ සූරයා වන උදය රණසිංහට ද පරාජය විය.උදය රණසිංහ වඩාත් විශිෂ්ඨ තරග රටාවක් පෙන්නුම් කරමින් මේ තරගාවලියේ සිය දක්ෂතා ඉහළ මට්ටමකින් පවත්වා ගත්තද,අවසාන තරගයේදී සිය යුගල තරග වල සයකයා ඉදිරියේ සැළකිය යුතු දක්ෂති නොදක්වමින් අනු සූරයා වෙමින් මෙවර ජාතික සූරතාවය දිනා ගන්නට MAS කණ්ඩායමේ නිර්මාල් ජයසිංහ ට අවස්ථාව උදා කර දුන්නේය.
එසේම නිර්මාල් සහ විද්‍යාර්ථ විද්‍යාලය නියෝජනය කරන උදය සතුව පැවති පිරිමි යුගල සූරතාවය මෙවර ‍ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොහාන් සිරිසේන සහ මිලින්ද ලක්ෂිත විසින් හිමි කර ගත් අතර ගුවන් හමුදාවේ ඉෂාරා මධුරංගි සහ මෞලි පීරිස් ට යුගල කාන්තා අංක එක ස්ථානයේ සිටියද අවසාන තරගයට හෝ පිවිසිමට අවස්ථාව ලැබුණේ නැත.ඒ අනුව මෙවර කාන්තා යුගල තරගයට පිවිසි ලාබාල යොවුන් පාසල් ක්‍රීඩිකාවන් අතරින් මහනුවර උසස් බාලිකා විදුහලේ විනෝලි සිල්වා සහ ප්‍රවීනා සිල්වා පරාජයට පත් කරමින් සූරියන් වන්නට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ තරීන්ද්‍රා විජේකෝන් සහ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ මුතුමාලී ප්‍රියදර්ශණි සමත් වූවාය.
www.supirikrida.com


No comments: