Jan 9, 2013

ජපානය ඔලිම්පික් ආශ්චර්යයට සූදානම් වෙයි

Tokyo 2020 present bid book to IOC January 2013


දෙවන වරටත් ඔලිම්පික් සත්කාරකත්වය බලාපොරොත්තුවෙන් 2020 වසර සදහ‍ා තරග වදින ජපානයේ ටෝකියෝ නගරය තුළ ලොව ආශ්චර්යයමත්ම ඔලිම්පික් උළෙල සංවිධානය කිරීමට තමන්ට හැකි බව සත්කාරකත්වය අපේක්ෂිත සංවිධාන කමිටුවේ ප්‍රධාන විධායක මසාටෝ මිසුනෝ පවසනවා.තරගාවලිය ජපානයට දිනා ගැනීමේ මෙහෙයුම් කමිටුවට මිසුනෝ මෙන්ම 2011 ජගත් කාන්තා පාපන්දු  සූරතාවලිය සහ 2012 ඔලිම්පික් කාන්තා රන් පදක්කම දිනා ගත් ජපාන කණ්ඩායමට නායකත්වය දුන් හොමාරේ සාවා,පැරා ඔලිම්පික් පිහිණුම් රන් පදක්කම්ලාභිණී ටකායුකී සුසුකී මෙන්ම 2020 තරගාවලියේ සැළසුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන කට්සුරා එන්යෝ මෙන්ම ජපාන ඔලිම්පික් කමිටු සභාපති සුනෙකාසු ටෙකාඩා ද ඇතුළත් වෙනවා.
1964 දී ද ටෝකියෝ නගරයේ ඔලිම්පික් උළෙලක් පවත්වා ඇති අතර එහිදී තරග වැදී ශ්‍රී ලංකා දුර දිවීමේ ධාවක කරුණානන්ද ගේ අප්‍රතිහත ධෛර්‍යය සහ ප්‍රශංසනීය සහභාගීත්වයේ ගුණාංගය ජපානයේ පෙළ පොත් සදහා ද ඇතුළත් කෙරුණා.නැවත පිබිදීමේ පුනර්ජීවය සම්බන්ධ පරමාදර්ශයක් බදු ජපානය සියවසේ මුහුණ දුන් දැවැන්ත කඩා වැටීම් හමුවේ නැවත නැගී සිටි ආකාරයම ආශ්චර්යයක්.ඒ සියල්ලම පදනම් කරගෙන මිසුකෝ පවසන්නේ අපට සියල්ලම කළ හැකියි යනුවෙන්.එසේම පාපන්දු නායිකා සාවා පවසන්නේද ලොව පුරා ප්‍රශංසාවට ලක් වූ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සාර්ථකත්වය තමන්ටත් යළි ප්‍රදර්ශනය කළ හැකි බවයි.
කෙසේ හෝ 2020 ඔලිම්පික් උළෙල දිනා ගැනීම වෙනුවෙන් ජපානය සමග තියුණු තරගයකට වැටී සිටින තූර්කියේ ඉස්තාන්බුල් නගරය සහ ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නගර සමග වන තරගයෙන් ටෝකියෝ නගරය ජය ගැනීමට නම් 2013 සැප්තැම්බර් 7 වන දින බුවනෝර්ස්අයර්ස් නගරයේ පැවත්වෙන ඡන්ද විමසීමෙන් ටෝකියෝ නගරය ජය ගත යුතුයි.
www.supirikrida.com

No comments: