Jan 11, 2013

පිහාටු මල නෙලන්නට හිතුවක්කාරයාගෙන් යළිත් උත්සාහයක්

සුගිය කාලයේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පිරිහිම සදහා බල පෑ විශාල කරුණු ගණනාවක පුරෝගාමී චරිතයක් ලෙස හැදින්වෙන මහාචාර්ය රංජිත් ද සිල්වා යළත් බැඩ්මින්ටන් පරිපාලනයේ මුල් පුටුවට ඉව අල්ලන බව සුපිරික්‍රීඩා වෙත දැන ගන්නට ලැබුණා.වර්ථමාන පාලනයේ තියෙන අදූර්දර්හී ක්‍රියා කළාපය හේතුවෙන් මෙසේ නැවත බැඩ්මින්ටන් මුල් පුටුවට පැමිණිමට තීරනය කර ඇති බව එහිදී මහාචාර්ය වරයා ප්‍රකාශ කර තිබෙනවා.
අතිශයින් හිතුවක්කාරී චරිතයක් වූ මහාචාර්ය රංජිත් ද සිල්වා සිය පාලන සමයේ ඒකාධිපතියෙකු ලෙස හැසිරීමෙන් නොනැවතී,සිය පෞද්ගලික විරසක පදනම් කරගෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පළි ගැනීමට පටන් ගත් තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව පියවර ගණනාවකින් පසු පසට වුණා.අනතුරුව පැවති පරිපාලනය ද එම මාර්ගයේම ගමන් කළ අතර ඔවුන් ගත් ඇතැම් තීරණ නිසාද සිදු වූයේ ක්‍රීඩාවේ අවගමනය පමණයි.අනතුරුව එම පරිපාලනයටම සම්බන්ධව සිටි චරිත කිහිපයක් වෙනත් මුහුණුවරකින් බැඩ්මින්ටන් බලධාරීත්වයට පැමිණි අතර අනතුරුව දකින්නට ලැබුණේ ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පරිපාලනයේ වගකීම් විරහිත සහ දුර්වල තීරණ නිසා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩාවට වර්ථමාන ක්‍රීඩක දක්ෂතා මත හිමිවිය යුතු ස්ථානය පරිපලන තීරන හේතුවෙන් අහිමි වී යාමයි.
කිසිදු වගකීමකින් තොරව පරිපාලනයට සම්බන්ධ චරිතවල හිත සුව පිණිස ගත් ඇතැම් තීරණ පරිපාලනයක් විසින් ගත හැකි යැයි සිතීමට පවා නොහැකි තරමේ අභව්‍ය සහ දුර්වල තීරණ වීම නිසා ක්‍රීඩා අමාත්‍යවරයාද පවතින පරිපාලනයන් අතර දූෂිතම සහ ගැටළුකාරීම පරිපාලනය ලෙස වර්ථමාන බැඩ්මින්ටන් පරිපාලනය හං වඩු ගැසූ අතර මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් හිටපු හිතුවක්කාරයා යළිත් පිහාටු මලේ පරිපාලනයට හිස පොවන්නට සූදානම් වෙමින් සිටියි.
ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රවීන අංශයේ තරග වදිමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලබා දී ඇති මහාචාර්යවරයා සැම්බියාවේ සේවයේ යෙදී සිටි සමයේදී එරට නියෝජනය කරමින් ජාත්‍යන්තර බැඩ්මින්ටන් පරිපාලනයට සම්බන්ධ වී ඇති අතර මේ වන විටත් ඔහු ඒ හරහා ජාත්‍යන්තර බැඩ්මින්ටන් පරිපාලනයේ විධායක තත්ත්වයෙන් කටයුතු කිරීම ආභරණයක් කර ගනිමින් මෙසේ පරපාලන මුල් පුටුවට පිවසිමට උත්සාහ කරමින් සිටියි.
ක්‍රීඩා අමාත්‍යංශයට ක හැරවුණු පිං කැටයක් බදු බැඩිමින්ටන් පරිපාලනය තනතුරුවලට පත් වීම හැරෙන්නට ස්වීය අරමුදල තරකර ගැනීම සදහා කිසිදු ආකාර‍යක සැළසුමක් ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැති බව පෙනෙන්නට ඇති අතර මෙම තත්ත්වය තුළ මූල්‍යමය ශක්තිය ඇති සහ ලංකාවේ වෙළද ප්‍රජාවගේ විශ්වාසය දිනූ ක්‍රීඩාවට ආදරය කරන  පිරිසක් අතට බැඩ්මින්ටන් පත් විය යුතු බව සුපිරික්‍රිඩා විශ්වාසය වන්නේය.වර්ථමානයේ ශ්‍රී ලංකාවේ අනාගතය පෝෂණය කළ හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ මතු වීමක් දකින්නට ලැබෙන අතර,ඒ පිරිසට අවශ්‍යය ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමට මූල්‍යමය වශයෙන් දායකත්වයක් දැක්විය හැකි සහ අනුග්‍රාහකත්වයන් සොයා ගත හැකි පුද්ගල කණ්ඩායමක් මෙම පරිපාලන වගකීමට උරදිය යුතු බව ද සුපිරික්‍රීඩා විශ්වාස කරයි.
www.supirikrida.com 

No comments: