Jan 6, 2013

උඩ පන්දු සමග ජයග්‍රහණය අත හැරිය තරගයක්

Michael Hussey walks in for his final Test inningsසීරු උඩ පන්දු ජයග්‍රහණය පිළිබද සාධකයක් බවට ඇති ප්‍රකට කතාව සනාත කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් ගිලිහි ගිය අසීරු උඩ පන්දු රැක ගත්තේ නම් ජයග්‍රාහීව නිමා කිරීමට තිබූ තරගයක් ලෙස ඕස්ට්‍රේලියාවට කඩුලු පහක ජයක් හිමිකර දෙමින් ශ්‍රී ලංකාව සහ ඕසට්‍රේලියාව අතර පැවති තෙවන තරගය නිමාවට පත් විය.ඒ අනුව තරගාවලිය 3 - 0 ක් ලෙස ඕස්ට්‍රේලියාව ජය ගත්තේ මහේල ජයවර්ධනගේ සුපිරි නායකත්වයේ අවසාන ටෙස්ට් තරගාවලිය මෙන්ම අවසාන ටෙස්ට් තරගයද පරාජිත තරගයක් බවට පෙරළෙමින්ය.
දෙවන ‍ඉණිමේ දි ඕස්ට්‍රේලියාවට ලැබුණු ලකුණු 141 ට එරෙහිව හොද තරගයක් ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව එම ඉලක්කය වෙත ළගා වීමේදි ඔවුන්ගේ කඩුලු 5 ක් ම අහිමි කරන්නට සමත් වුණා.රංගන හේරත් සිව්වන දිනයේ දී දග පන්දු යවන්නන්ට වාසිදායක ලෙස හැසිරෙන්නට පටන් ගත් සිඩ්නි තණනිල්ලෙන් කඩුලු 3 ක් ම දවා ගන්නට සමත් වුණා.ඩිල්ෂාන් කලෙකට පසුව දීර්ඝ වශයෙන් පන්දු යැවීමට යොදා ගත් අතර ඔහු තමන්ට පන්දු යවන්නෙකු ලෙස ඇති හැකියාව සනාත කරමින් මැනවින් පන්දු යැවීමේ යෙදුණා.
තේරිම් කමිටුවේ අපූරු තේරීම් වල යම් වෙනසක් සිදු වි තිබුණා නම් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට ඇතුළත් වීමට හැකියාව තිබූ තිසර පෙරේරා ගේ අඩුව මෙම තරගයේදී ද මැනවින් කැපී පෙණුන අතර ශ්‍රී ලංකා පසුපෙළ තරගාවලිය පුරාම දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළා.ටෙස්ට් වලට පමණක් සීමා කරමින් තිබෙන දිමුත් කරුණාරත්න මෙම ටෙස්ට් තරගයේ දෙවන ඉණි‍මේ දී සිය ආක්‍රමණික පිතිහරඹය දියත් කරමින් අගනා ලකුණු 85 ක් ලබා ගත්තේ හොද එක්දින පිතිකරුවෙකු සතු ගුණාංග ප්‍රගුණ කරමින් වුව ද ඔහු එක්දින කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.
ලහිරු තිරිමාන්න ප්‍රථම ඉණිමේ ක්‍රීඩා කළ ලකුණු 91 ක වූ අපූරු ඉණිම මෙන්ම,මහේල ජයවර්ධන ඉණිම දෙකේම අර්ධ ශතක ලබමින් සිය නායකත්වය යටතේ ක්‍රීඩා කළ අවසාන ඉණිම දෙක තුළ ලකුණු අතරට පැමිණිමත් සතුටු විය හැකියි.එසේම දිනේෂ් චන්දිමාල් දෙවන ඉණිමේ දී දියත් කළ අපූරු සටන්කාමී ඉණිමට කඩුල්ල රැක ගනිමින් සහයෝගය දැක්වීමට පසුපෙළ අසමත් නොවුණේ නම් ඕස්ට්‍රේලියාවේ ජයග්‍රාහී ඉලක්කය තවත් වැඩි වන්නට තිබුණා.අඩුම තරමේ එය ලකුණු 200 සීමාවට හෝ රැගෙන යන්නට චන්දිමාල් ගේ ඉණිමට සහයෝගයක් ලැබිණි නම් මෙම තරගයේ ප්‍රතිපලය ලෙස ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය වෙනුවට ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පිළිබදව ලියන්නට ද විශාල ඉඩක් තිබුණා.
නමුත් අවසාන කඩුල්ලට නුවන් ප්‍රදීප් පන්දු 24 ක් පුරා ලකුණු 9 ක්  ලබා ගනිමින් සිය වගකීම තේරුම් ගනිමින් චන්දිමාල් ට දැක් වූ සහයෝගය අගය කළ යුතුයි.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මෙම තරගාවලිය තුළ දි හදුන්වා දුන් ඔවුන්ගේ නව වේග පන්දු යවන්නා වූ ජැක්සන් බර්ඩ් මෙම තරගයේදි  ශ්‍රී ලංකාවට එරෙහිව කැපී පෙණුනම පන්දු යවන්නා වූ අතර ඔහු විසින් ලබා ගත් කඩුලු 7 මෙන්ම ඕස්ට්‍රේලියා පළමු ඉණිමේදී අවසාන පිතිකරුවා ලෙස මැතිව් වේඩ් ට ශතකය කරා යන්නට අවශ්‍යය දිරිය ලබා දෙමින් ක්‍රීඩා කළ ආකාරය නිසා ඔහු තරගයේ වීරයා වුණා.තරගය පුරාම ලකුණු අතර සිටි සහ සිය නායකත්වයේ තීරණ මගින් ඕස්ට්‍රේලියාව ජය මාවතට තල්ලු කළ මයිකල් ක්ලාක් තරගාවලියේ වීරයා වුණා.
ඔස්ට්‍රේලියාව බිහිකළ සුපිරිතම සටන්කාමී ක්‍රීඩකයෙකු ලෙස අවිවාදිත මයික් හසීගේ ටෙස්ට් දිවියේ සමුගැනීම මෙම තරගයේදී සිදු වූ අතර ඔහු සිය සමුගැනීම සිය උපරිම දක්ෂතා අතර රැදී සිටියදී සිදු කළ ක්‍රීඩකයෙකු ලෙසත් සිය සමුගැනීමේ තරගයේ දී කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහි ලකුණ රැස් කිරිමේ දුර්ලභ වාසනාව ලද ක්‍රීඩකයෙකු ලෙසත් ඉතිහාසයට එකතු වෙනවා.
තෙවන ටෙස්ට් තරගයේ ලකුණු පූවරුවට පහත සබදතාවය ඔස්සේ පිවිසිමට හැකියාව තිබෙනවා.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573013.html
www.supirikrida.com

No comments: