දැයට කිරුළ 2013 වර්ෂය සදහා වෙරළ කාන්තා සහ පිරිමි වොලිබෝල් තරගාවලියක් පැවත්වීමට ක්‍රීඩා අමාත්‍යංශයේ සහයෝගය ඇතිව වොලිබෝල් සම්මේලනය සහ දැයට කිරුළ සංවිධාන කමිටුව තීරණය කර ඇත.ජාතික සහ ආධුනික ලෙස වර්ග කර අංශ දෙකක් යටතේ තරගාවලි දෙකම පැවත්වෙන අතර ජනවාරි 26 සහ 27 යන දෙදින තුළ දිවයිනේ ස්ථාන හතරකදී මෙම තරග පැවත්වීමට තීරණය වී ඇත.ඒ අනුව එම දෙදින තුළ මීගමුව සහ හම්බන්තොට වෙරළ තීර ආශ්‍රිතවත් කිලිනොච්චියේ සහ අම්පාර සයිදමරිදු තරුණ ක්‍රිස්තියානි සංගම් වෙරළ ක්‍රීඩාංගණයේත් මෙම තරග පැවත්වීමට කටයුතු යොදා ඇත.
ජාතික තරගාවලිය සදහා එක් ආයතනයකින් හෝ ක්‍රීඩා සමාජයකින් කණ්ඩායම් තුනක් ඉදිරිපත් කිරිමට අවස්ථාව ලැබෙන අතර 1992 ජනවාරි පළමු දිනට පසු උපන් අයට සහභාගි විය හැකි කණිෂ්ඨ තරගාවලියට ද එක් ආයතනයකින් හෝ ක්‍රීඩ සමාජයකින් ඉදිරිපත් කළ හැකි අපරිම කණ්ඩායම් ප්‍රමාණය තුනකි.
ජනවාරි 17 වන දිනට ප්‍රථම සියලුම ඉල්ලුම් පත් ඒඒ ජයතිස්ස,ව්‍යාපෘති නිලධාරි,ජාතික වොලිබෝල් පුහුණුකරු,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව,ටොරිංටන් පෙදෙස කොළඹ 07 යන ලිපිනයට එවිය යුතු අතර එම ඉල්ලුම්පත් වල ක්‍රීඩා සමාජයේ නම,අයත් දිස්ත්‍රික්කය මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් සහ හැදුණුම්පත් අංකත් ඇතුළත් විය යුතුය.
No comments:
Post a Comment