Jan 10, 2013

ගොන්නු පොර අල්ලූ තැන පැසි පන්දුවට



ස්පාඤ්ඤය 2020 ඔලිම්පික් උළෙල පැවත්වීමේ සත්කාරකත්වය අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලංසුවේ ස්වීය පැසි පන්දු පිටිය ලෙස හදුන්වා ඇත්තේ මැඩ්රිඩ් නගරයේ ඇති ප්‍රධානතම ගොන්පොර ක්‍රීඩාංගණය වන Plaza de Toros de Las Ventas ස්ථානය යි.ගොන්පොර ක්‍රීඩාවට ලොව ප්‍රකටතම රට වන ස්පාඤ්ඤය ඒ නිසාම ලොව පුරා අමානුෂ්ක ක්‍රීඩාවකට අනුබල දෙන රටක් ලෙස අපකීර්තයට සහ පිළිකුලට බදුන් වන තත්ත්වයක් දකින්නට ලැබිණ.මේ නිසාම රජයෙන් ඊට ලැබෙන උත්තේජන සහ අනුග්‍රහයන් ක්‍රමයෙන් ගිලිහී ගිය අතර අද එවැනි නිල මට්ටමෙන් ගොන්පොර හැකි තත්ත්වයන් ස්පාඤ්ඤයෙන් ඉවත් වෙමින් ඇත.මේ වාතාවරණය තුළ එම ලෝ ප්‍රකට ප්‍රධානතම ක්‍රීඩාංගණය 2020 ඔලිම්පික් සත්කාරකත්වය ලැබෙන්නනේ නම් පැසිපන්දු තරග වෙනුවෙන් සකස් කිරීමට ස්පාඤ්ඤය තීරණය කර ඇත.
එසේම මැඩ්රීඩ් නුවර ඇති විශාලතම හරිත උද්‍යානය වන El Retiro Park  ක්‍රීඩාංගණ සදහා ස්ථාන නම් කිරීමේදී වෙරළ වොලිබෝල් තරග පැවත්වීමේ ක්‍රීඩාංගණය ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත.නව වතාවක් යුරොපීය පාපන්දු සූරතාවය දිනා ඇති රියාල් මැඩ්රීඩ් කණ්ඩායමේ නිල ක්‍රීඩාංගණය වන Estadio Santiago Bernabéu පාපන්දු පිටිය ලෙස නම් කිරීමට තීරණය කර ඇත.
මේ ආකාරයට ක්‍රීඩා තරග පවත්වන ස්ථාන 35 ක් නම් කරමින්,වෙනත් පහසුකම් සහ ක්‍රියාකාරීත්වයන් පැහැදිළි කරමින් තරගාවලියේ සත්කාරකත්වය දිනා ගැනීම සදහා තරග වදින ස්පාඤ්ඤ්ය ඒ සදහා  බලය පවරා  ඇති කණ්ඩායම පිටු 370 ක සවිස්තර වාර්තාවක් මගින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය ඇති රටවලට කරුණු අවධාරණය කිරීමට තීරණය කර ඇත.
www.supirikrida.com

No comments: