![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7IGg4YhUM__W28yoJwM3lt2QsNsBUgTGqwc_twERypChpnhwPJf7p1BJ68M9y9-nqvb7rjsqFm1TC4dsFdTd_Riud9WVYdDLikHpq8Rq2tHZ6Ui714XFu51SMAaATC2cN2Y_mEQ74tVA/s320/1st+asian+school13-09-17.jpg)
අද සිට 22 දා දක්වා ක්‍රියාත්මක තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 32 ක් සහභෘගි වීමට නියමිතව තිබෙනවා.ඒ ක්‍රීඩකයන් අවම වශයෙන් ශ්‍රී ලංකාවට පදක්කම් 10 ක් දිනා දෙනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසය වී ඇති අතර මිට වඩා බලාපොරොත්තු තැබිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයට මෙම සංචාරය සදහා මුදල් සොයා ගැනීමට හැකි වූවා නම් සහභාගි කරවා ගැනීමේ හැකියාව තිබූ බව පවසන පිරිසක්ද මේ අතර වෙනවා.ක්‍රීඩකයන්ට අතින් මුදල් ගෙවා සංචාරයට සහභාගි වීමට සිදු වූ නිසා මෙම සංචාරයට සහභාගි වීමේ අවස්ථාව අහිමි වූ දක්ෂයන් පිරිසක් සිටින බව පෙන්වා දෙන එම පිරිස් ඇතැම් නිලධාරීන් සිය ක්‍රීඩකයන්සහය පුහුණුකරුවන් සංචාරයට එක් කිරීමට ප්‍රමුඛතාවය දී කටයුතු කළා විනා සංචාරය සදහා ප්‍රබලතම ක්‍රීඩකයන් සහභාගි කරවීම කෙරෙහි අවධානය යොමු නොකළ බවට චෝදනා කරනවා.
කෙසේ හෝ තරගාවලියට සහභාගි වී තිබෙන සත්කාරක මැලේසියාව,ඉන්දියාව,චීනය,මැකොවා,තායිලන්තය,බෘනායි,පිලීපීනය,හොංකොං සහ ශ්‍රී ලංකාව අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම දස්කම් දැක්වීමට හැකියාව ලැබෙන්නට සුපිරික්‍රීඩා සුභ පතන අතර තරගාවලියේ ප්‍රතිපල හැකි ඉක්මණින් වාර්තා කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරනවා.මේ සමග වන ඡායාරූපයේ දැක්වෙන්නේ තරගයේ සමාරම්භයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා ගම්මානයේ දී සැහැල්ලුවෙන් පසු වු අවස්ථාවකි.
1 comment:
Ko Akila Ravishanka?
Post a Comment