මේ ප්‍රධානියා යටතේ පුහුණුව ලබා ජාතික තලයට පිවිසි බේස්බෝල් ගෝලයන් දෙදෙනෙකු එම ක්‍රීඩාවේ විනිසුරු සංගමයේ ප්‍රධානින් බවට පත් වෙනවා.නමුත් මේ ප්‍රධානින් පරිපාලනයේ අතකොළු පිනවන්න සූදානම් නොමැති විට සිදු වන්නේ සංගමය විසුරුවා හැරීම.ඒ විසුරුවා හැරීමේ පරමාර්ථය මොනවට පැහැදිළි කරමින් මෙම පරිපාලනය සංචාරයෙන් සංචාරයට තනතුර මාරු කරමින් එම සංචාර වලට එක් කරන හිතවතෙක්ට ජපානයේ පැවත්වෙන විනිසුරු පුහුණුවක් ලබා දෙනවා.ඒ පුහුණුවට පෙර ජපාන කනගාවා කණ්ඩායම ශ්‍රී ලංකාවට සැපත් වූ විට එම තරගයක සහය විනිසුරු ලෙස කටයුතු කරද්දි,මේ ජපාන සංචාරයට යන පුද්ගලයා තරගය විනිශ්චය කරන අතරතුර ප්‍රාථමික ශ්‍රේණියක දරුවෙක්ගෙන්වත් බලාපොරොත්තු වෙන්න බැරි ක්‍රියාවක යෙදෙනවා.ඒ සිය ජංගම දුරකතනය භාවිතා කිරීමයි.
මේ නිසා එම තරගය විනිශ්චයේ යෙදෙමින් සිටි ශ්‍රී ලංකාවේ එකම ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරුවරයා වන සුජීව විජේනායක තරගය අතරමග නවතා දමනවා.සුජීව එතෙකින් නොනැවතී තරගය අතරතුර ජංගම දුරකතනයක් භාවිතා කිරීමේ වරදවත් සිතා ගත නොහැකි ප්‍රායෝගික නැති පුද්ගලයෙක් විනිසුරු කටයුතු වලට යෙදීම ගැන කම්පා වී ඒ පිළිබදව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියට පවා වාර්තා කරනවා.ක්‍රීඩා අමාත්‍යවරයා පවා මේ පිළිබදව විවේචනය කළත් පරිපාලනය සිය හිතවතාව ජපන් සංචාරයට එක් කිරීමට අවශ්‍යය කටයුතු සකස් කර ගන්නේ විනිසුරු සංගමයක් නොතිබීමේ අවස්ථාව සිය අවශ්‍යයතාවය තහවුරු කර ගන්නට යොදා ගනිමින්.
මේ ආකාරයට සිය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් දෙදෙනෙක් දැරූ ජාතික වගකීම් වලින් නෙරපා හැරීමෙන් නොනැවතී,එම අවස්ථාව ජාතික වගකීම් උල්ලංඝනය වන ආකාරයෙන් භාවිතා කළ පරිපාලනයකට සහය දෙමින් පරිපාලනයේ පහළ තනතුරු කිහිපයකට තරග වැදීමට ගෙන ඇති තීරණය මෙන්ම අසාධාරණයට ලක් වූ දෙදෙනා පරිපාලනයට එරෙහිව යමින් ප්‍රධාන තනතුරු දෙකකට තරග වැදීම හේතු කර ඔවුන් පීඩාවට පත් කිරීම හෙළා දකින බවද එම විද්‍යාලයට සම්බන්ධ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් කිහිප දෙනා පවසා සිටියා.
'පාසලට සම්බන්ධ අයෙක් අසාධාරණයට ලක් වූ විට ඊට එරෙහිව එකතු වීම අපේ සම්ප්‍රදායක්.මෙතනදි ඒක බිදල දාලා තියෙනවා.අපි මේ ගැන අපේ විද්‍යාලයෙන් නිර්මාණය වූ මේ වෙලාවේ මේ රටේ සිටින ප්‍රධානතම පුද්ගලයාව පවා දැනුවත් කරනවා යනුවෙන් එම පිරිස සුපිරික්‍රීඩා වෙත අදහස් දක්වමින් කියා සිටියා.
www.supirikrida.com
No comments:
Post a Comment