ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අර පැවති 20 - 20 පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවසාන පන්දුවේදී පරාජය අත්කර දුන් බටහිර ඉන්දීය කොදෙව් නායිකා මෙරිස්සා ඇගුලේරා ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන ගේ පන්දුවට එල්ල කළ හයේ පහරත් සමග කොදෙව් ක්‍රීඩිකාවන්ට කඩුලු දෙකක ජයක් අත් වුණා.මෙම තරගයේදී ශ්‍රී ලංකා උප නායිකා කෞශල්‍යයා ලොකුසූරිය පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීමට සමත් වුණා.පහර දීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය වෙමින් ඇය ලකුණු 25 ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී ලකුණු 18 ට කඩුලු 3 ක් දවා ගත්තා.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 86 ට සීමා කළ අතර ලකුණු අතර සිටින ඩිලානි මනෝදරා යලිත් අංක අට දක්වා පහත දමා තිබුණා.ඒ නිසාම ඇයට කඩුලු 6 ක් ලකුනු 53 ට දැවෙන තෙක් ක්‍රීඩාගාරයට වී තරගය නරඹන්නට සිදු වී තිබුණු අතර ඇය පිටියට පිවිස කෞශල්‍යයා ලොකුසූරිය සමග හත් වන කඩුල්ලට ගොඩ නැගූ ලකුණු 32 නොවන්නට ශ්‍රී ලංකාවේ ඉරණම මීට වඩා අයහපත් වන්නට තිබුණා.මනෝදරා මෙහිදී ලකුණු 17 ක් නොදැවී ලබා ගත්තා.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය යොදා ගෙන පිවිසිය හැකියි .
http://www.espncricinfo.com/ci/content/player/272623.html
www.supirikrida.com
No comments:
Post a Comment