Mar 5, 2013

කිත්රුවන්ගෙන් රුවන්මය ඉණිමක්

Kithuruwan Vithanage scored 157 not outබංගලාදේශය සහ ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩක කණ්ඩායම සමග පැවත්වෙන තෙදින තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කිත්රුවක් විතානගේ ක්‍රීඩා කළ සුපිරි ඉණිම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉණිම ලකුණු 410 දක්වා එසැවිණි.පන්දු 165 කින් නොදැවී ලකුණු 168 ක් රැස් කළ කිත්රුවන්ගේ ප්‍රහාරාත්මක ඉණිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 17 ක් ඇතුළත් විය.කොළඹ රාජකීය විද්‍යාලයෙන් බිහි වූ කොළඹ සිංහල ක්‍රීඩා සමාජය නියෝජනය කරන කිත්රුවන් විතානගේ එම ඉණිම ගොඩ නැගීමේදී පස්වන කඩුල්ල වෙනුවෙන් අශාන් ප්‍රියංජන (83) සමග එක්ව ලකුණු 157 ක සබදතාවයක් පැවත් වූ අතර නව වන කඩුල්ලට ලහිරු ගමගේ (18) සමග එක්ව ලකුණු 78 ක සබදතාවයක් පැවත්වීය.
බංගලාදේශ පන්දු යවන්නන් අතරින් ෂොහාග් ගාසි ලකුණු 104 ට කඩුලු 5 ක් දවා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවත්වෙන මෙම තෙදින තරගයේ අවසාන දිනය අද වන අතර තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය මගින් පිවිසීමට හැකියාව ඇත.http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2013/engine/current/match/602471.html
www.supirikrida.com

No comments: