Mar 4, 2013

සනත් ඉදිරියේ ක්‍රීඩකයෝ පාදයක් පසු පසට ගනිති

ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීමට අකමැතිව සිටි ක්‍රීඩකයන් සනත් ජයසූරිය සමග පැවති සාකච්ඡාවකින් පසු ඔවුන්ගේ එකම ඉල්ලීමක්වත් ජය ගැනීම පසෙකලා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම අත්සන් කිරීමට එකග වී ඇත.ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එහි නිලධාරීන් කිසිවෙක් මෙම සාකච්ඡාවට සහභාගි වී නැති අතර ඒ වෙනුවෙන් සහභාගි වූ සනත් ජයසූරිය ක්‍රීඩකයන්ගේ එක ඉල්ලීමක්වත් ලබා නොදී අදාළ ගිවිසුම අත්සන් කර ගැනීම සදහා ඔවුන්ව පොළඹවා ගැනීමට සමත්ව ඇත.
මෑතකදී සිය ක්‍රිකට් ජීවිතය අවසන් කිරීමට නියමිත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මෙම ඉල්ලීම සදහා කණ්ඩායමම පොළඹවා ඇති බව වාර්තා වන අතර එම ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම කළමණාකරු ලෙස කටයුතු කරන පුද්ගලයෙක්ද මේ පසුපස එම ඉල්ලීම් වෙනුවෙන් ක්‍රීඩකයන් පෙළ ගැස්වීමට උදව් දී ඇත.
www.supirikrida.com

No comments: