Mar 5, 2013

මාලිංගගේ පන්ෂන් කතාව ගැන ක්‍රිකට් පරිපාලනය ඇක්ෂන් ගන්න සූදානම් වෙයි

ක්‍රිකට් ගිවිසුම අත්සන් කිරීමට පැමිණි ලසිත් මාලිංග ක්‍රීඩකයන් සහභාගි වුණේ ගිවිසුම් අත්සන් කිරීමට නොව එහි පැවති පන්ෂන් එකකට යැයි පවසමින් මාධයට බොරු කීම මෙන්ම මාධයවේදීන්ට පරිබව කිරීම පිළිබදව පරීක්ෂණයක් පැවත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගෙන ඇත.එම පරීක්ෂනය පැවත්වීමේ වගකීම ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක අජිත් ජයසේකරට පැවරීමට තීරණය කර ඇත.
මින් පෙර ද ලසිත් මාලිංග එක්දින සහ 20 - 20 තරග වලට සහභාගි වෙමින් අනෙක් ක්‍රීඩකයන්ට වඩා වැඩි මුදලක් ඉල්ලමින් බලපෑම් කළ අතර නමුත් ක්‍රිකට් ආයතනය එය ලබා දීමට එකග වූයේ නැත.
ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකාවට පළමු වරට ලෝක කුසලාන ජයක් ගෙන දීමට නායකත්වය දෙමින් ක්‍රීඩකයන්ට සුපිරි ආර්ථික පසුබිමක් ඇති කිරීමෙහි ලා මුල් වී ක්‍රියා කළ අර්ජුන රණතුංග කටයුතු කරන සමයේද ලසිත් මාලිංගගේ හැසිරීම පිළිබදව විවිධ චෝදනා එල්ල විය.එහිදී බොහෝ මාධය ලසිත් මාලිංගගේ හඩට ඉඩ දෙමින් ඔහුගේ පාර්ශවයෙන් කරුණු පවසන්නට ඉඩ ලබා දෙමින් ක්‍රියා කළ අතර එම මාධ්‍ය වෙත මාලිංග මෙවැනි ප්‍රතිචාරයක් දැක්වීම දෛවෝපගත සිදුවීමකි.
www.supirikrida.com

No comments: