ගාල්ලේදී ඇරඹි බංගලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට කිසිදු අපහසුවකින් තොරව පන්දුවට පහර දෙන ලාංකේය පිතිකරුවන් දිනය නිමා වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 361 ක් ලබා තරගය ජය ගත හැකි ලකුණු ප්‍රමාණයකට සේන්දු වෙමින් සිටිනවා.ඊයේ ශ්‍රී ලංකාව බිහි කළ ලාබාලතම ටෙස්ට් නායකයා වීමේ භාග්‍යය ලබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් ඇන්ජලෝ මැතිව්ස් සිය ප්‍රථම තරගයේදී කාසියේ වාසිය දිනා ගැනීමේ භාග්‍යයද හිමි කර ගත්තා.
ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු වරට ටෙස්ට් වර්ණ දිනා ගැනීමට කිත්රුවන් විතානගේ සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පළමු වරට මෙම තරගාවලියේදී චමින්ද වාස් එක් වන අතර නමුත් ගාලු තරගයට වේග පන්දු යවන්නන් දෙනෛකුගේ පමණක් සහ දග පන්දු යවන්නන් දෙදෙනෙකුගේ සේවය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.කාසියේ වාසිය ලැබීමෙන් පසු පළමු වරට පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය අතරින් ලකුණු පූවරුව 46 ක් ව තිබෙන මොහොතේ දිමුත් කරුණාරත්නට සහදාත් හොසේන් ගේ පන්දුවක් සිරුරේ ගැටීම නිසා පිටියෙන් ඉවත් වන්නට සිදු වෙනවා.
තරගයට සහභාගි වීමට අවස්ථාවක් හිමි වේදැයි සැකයට ලක් වී සිටි කුමාර් සංගක්කාර අනතුරුව පිටියට පිවිසෙන අතර ලකුණු පූවරුව 114 ක් ව තිබිය දී ටීඑම් ඩල්ෂාන් ලකුණු 54 ක් ලබා සිටිය දී දැවී යනවා.ඉන් අනතුරුව පිටියට පිවිසෙන දිමුත් ලකුණු 41 රැස් කිරීමට සමත් වෙනවා.තෙවන කඩුල්ලට ලකුණු 124 ක සබදතාවයක් පවත් වන සංගක්කාර (142) සහ ලහිරු තිරිමාන්න (නොදැවී 74) ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 සීමාව සදහා පහසුවෙන් කැදවා එන අතර ඊයේ දිනය නිමා වීමට විනාඩි කිහිපයක් තිබියදී ඇද හැළුණු වර්ෂාව තරගයේ නිමාව සටහන් කරන විට තිරිමාන්න සමග නොදැවී ලකුණු 25 ක් ලැබූ ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ලේ රැදී සිටිනවා.
මාතර පුහුණු තරගයේදී මෙන්ම හොදින් පන්දු යැවූ බංගලාදේශ දග පන්දු යවන්නා සොහාබ් ගාසි දැවී ගිය කඩුලු 3 ම හිමි කර ගත් අතර දග පන්දු යවන්නන්ට උචිත ගාලු තණතීරුව ගැන සිතන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත්ට සහ අජන්ත මෙණ්ඩිස්ට ද මෙය හොද පණිවිඩයක් වන බවට සැක නැහැ.මේ සියළු තත්ත්වයන් සමග සසදන කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගත හැකි මට්ටමට පිවිස සිටින බව සිතිය හැකි අතර වර්සාව බාධා නොකළොත් ඇන්ජලෝ මැතිව්ස් ට තමා නායකත්වය දෙන පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණයකින් නිම කිරීමට වැඩි අවස්ථාවක් තිබෙනවා.
තරගයේ ලකුණු විස්තරයට මෙම සබදතාවය හරහා පිවිසිය හැකියි.
http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2013/engine/current/match/602472.html
www.supirikrida.com
No comments:
Post a Comment