බේස්බෝල් ලෝකයේ වැඩිම අවධානයට ලක්වන තරගාවලිය වන ලෝක බේස්බෝල් ක්ලැසික් තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර එහි මූලික වටයේ තරගයක දී නෙදර්ලන්තය කොරියාව පරාජයට පත් කරමින් ලකුණු 5 - 0 ක ජයක් වාර්තා කිරීම ඊයේ දිනයේ කැපී පෙනෙනම සිදු වීම බවට පත් වුණා.ජපානය සහ බ්‍රසීලය අතර තරගයෙන් ජපානය 5 - 3 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.චයිනීස් තායිපේ කණ්ඩායම ලකුණු 4 ක් රැස් කළ අතර ඔවුන්ට එරෙහිව තරග වැදි ඕස්ට්‍රේලියාව ලබා ගත්තේ එක ලකුණක් පමණයි.බ්‍රසීලය සිය දෙවන පරාජයද අත් කර ගත්තේ කියුබානු කණ්ඩායම වෙතින් වන අතර එහිදී කියුබාව 5 -2 ක් ලෙස බ්‍රසීලය පරාජය කරන්නට සමත් වුණා.
www.supirikrida.com
No comments:
Post a Comment