රටේ ක්‍රිකට් සදහා අතිශයින් විශාල මුදලක් උපයමින් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සහ ක්‍රීඩක කළමණාකාරවරයෙකු කරගෙන යන කූඨ ව්‍යාපාරය පිළිබදව මීට පෙර අවස්ථා කිහිපයකදීම ජනමාධය මගින් මෙන්ම අර්ජුන රණතුංග වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විසින් ද පෙන්වා දුන්නද ක්‍රිකට් පරිපාලනය හෝ ක්‍රීඩා අමාත්‍යංශය ඒ පිළිබදව අවධානය යොමු කළ බවක් නොපෙණින.මේ අවස්ථාවේ හෝ ඒ පිළිබදව අවධානය යොමු කිරීම රටේ ක්‍රීඩාව වෙනුවෙන් ගත යුතු ක්‍රියා මාර්ගයක් බැවින් ක්‍රීඩා අමාත්‍යවරයා කිසිදු බලපෑමකට යටත් නොවි එම තීරණයේ රැදී සිටීම රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත පිණිස වනු ඇතැයි අප විශ්වාස කරමු.
ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු සිය වරප්‍රසාද දිනා ගැනීම පිණිස ජාතික කණ්ඩායම අපහසුවට පත් කළ ද රටේ ක්‍රීඩා සමාජ මට්ටමෙන් ක්‍රීඩකයන්ට කරනු ලබන ගෙවීම් වල තත්ත්වය බිද වැටී සිටියදී තමන් සතු කීර්තිය හෝ බලය ඒ වෙනුවෙන් වැය කිරීමට නොපෙළඹෙන මේ ක්‍රීඩකයන් සිය පෞද්ගලික අවශ්‍යයතා වෙනුවෙන් මෙවැනි තීරණ වලට එලැඹීම තමන් වෙනුවෙන් ප්‍රවේශපත්‍ර සදහා අසීරුවෙන් මුදල් වැය කරන සහ තරග නැරඹීමට ගොස් තමන්ගේ විදුලි බිල වැඩි කර ගන්නා අසරණම ක්‍රිකට් ලෝලියාට ද නිගරු කිරීමක් බව අපේ අදහසය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබෙන ගිවිසුම් මුදලෙන් 25% ක් ලබා ගැනීම,සිය නෝනාවරුන්ට ලැබෙන සංචාර වරප්‍රසාදය රැකගැනීම මෙන්ම මෙම ජාතික සංචිතය ලෙස ගෙවීම් ලබන 23 දෙනාගේ කණ්ඩායම මේ දක්වා කොටස් හයකට බෙදා දක්වා තිබුණත් එය හතර දක්වා අඩු කිරීම නවතා ගැනීමත් මෙම ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම සදහා බලපාන හේතු අතර වේ.
මෙවැනි අත්සන් කිරීමක් ප්‍රතික්ෂේප කරමින් රටේ ක්‍රීඩාවේ පැවත්ම තහවුරු කිරීම පිණිස කළ යුතු ඉල්ලීම් ලෙස ක්‍රිඩා සමාජ මට්ටමේ තරගවල ක්‍රීඩක ගෙවීම් වැඩි කිරීම,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ගිවිසුම් මුදලින් 25% ගෙන එය ප්‍රාදේශීය ක්‍රිකට් යටිතල පහසුකම් දියුණු කිරීමට යොදා ගැනීම ආදිය ප්‍රකාශ කිරීමට මේ ක්‍රීඩකයන්ට ජාතික හැගීමක් නොතිබීම පිළිබදව අප කණගාටු වන අතර හතරේ සීමාවෙන් පිටත සිටින පිරිස් ද ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය සදහා වැදගත් බව නොසිතීම කණගාටුදායක තත්ත්වයකි.
www.supirikrida.com
No comments:
Post a Comment