කණ්ඩායම් කළමණාකරු චරිත් සේනානායක ශ්‍රී ලංකා ඉණිමේ 88 වන පන්දු ඕවරයේ දී සීඩ්ල් පන්දුව පළුදු කළ බවට රූපවාහිණි දර්ශන මගින් සාක්ෂි ලබා දිය හැකි බවට තරග තීරක වරයාට කරුණු ඉදිරිපත් කළ ද ක්‍රිස් බෝඩ් හොරාගේ අම්මාගෙන් පේන අසන්නාක් මෙන් ඕස්ට්‍රේලියානු පුහුණුකරුගෙන් කරුණු විමසිමකින් පසු චරිත් ගේ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි නැති බව කිමට තරම් සුදු හමට සාධාරණය ඉටු කළේය.
කෙසේ හෝ ශ්‍රී ලංකා පිතිකරුවන් මෙම තරගයේ නිවැරදිව පන්දුවට පහර නොදීම ගැන පළමුව අවධානය යොමු කර ඕස්ට්‍රේලියාවේ අපකීර්තිමත් ජය ගැන අමතක කර දෙවන තරගයට පිවිසිය යුතුව ඇත.දිනයක් තුළ කඩුලු 8 ක් රැක ගැනීමට දැරූ උත්සාහයේදී පළමු කාර්තුව කඩුල්ලක් පමණක් දැවී තරගය තුළ රැදී සිටි ශ්‍රී ලංකාව ඉතිරි කාර්තු දෙක තුළ තවත් කඩුලු හතක් අහිමි කර ගැනීම විශාල දුර්වල කමකි.ඩිල්ෂාන් ගේ දැවී යාමෙන් ඉනික්බිති තරගයේ තීරණය සම්බන්ධයෙන් තිබූ විවෘත ස්වභාවය සම්පූර්නයෙන්ම අත හැර දැමූ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු ආක්‍රමණය ඉදිරියේ හිස නමා ගෙන එය දරා සිටින්නට උත්සාහ කළා විනා එයට සැහැල්ලුවෙන් සහ ප්‍රති පීඩනයක් ඇති වන ආකාරයට මුහුණ දෙන්න උත්සාහයක් ගත්තේම නැත.ඒ නිසා තරගය තුළ කිසි විටෙක ඕස්ට්‍රේලියාව තිගැස්සසෙන සුළු තත්ත්වයක් ඇති නොවුණු අතර අවසාන කඩුලු 5 ලකුණු 54 ක් තුළ ශ්‍රී ලංකාව අහිමි කර ගත්තේ දැඩි රැකවරණ අපේක්ෂාවෙන් කළ පහර දීමේ රටාවක් තුළ ය.
ඩිල්ෂාන් සහ ප්‍රසන්න ජයවර්ධන හැරෙන විට කිසිවෙකුගේ පන්දුවට පහරදීමේ වේගය 40% ඉක්මවා නැති අතර ඔවුන් අනවශ්‍යය පීඩනයක කටයුතු කරන්නට ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටිය බව පැහැදිළිය.මේ තත්ත්වයද ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණයට සහය දුන් බව අමතක නොකල යුතුය.ලකුණු 137 කන් පළමු තරගය පරාජය වූ ශ්‍රී ලංකාවට දෙවන තරගයේදී ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයේ මානසිකත්වය මෙන්ම හොබාත් තණතිල්ලටත් වඩා බලපෑම් කළ හැකි ශ්‍රී ලංකා පරාජයට හේතු වූ ඔවුන්ගේ වේල පන්දුවේ අභියෝගය ද මැඩ ගන්නට බොහෝ දේ කිරීමට සිදු වනු ඇත.
පරාජිත තරගයේ ලකුණු සටහනට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573011.html
www.supirikrida.com
No comments:
Post a Comment