![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_uE-ky5mMzl55rlRA5Y8sG0EJKtFdkUz5MwrtddeqnusVSxLcBjCKrtRXq8OR2In-j-JvILyKEcWDBFDn_WW_hppN00dwhTt8kDHKhlJ-40kK36LT9yXjCBGfE5QpKcQNV--OsSAcUbx1B6Anv3G-mEMWvJPvI=s0-d)
'
චියර් ග්ර්ල්ස්' විවිධ වූ විශේෂීත ඇදුම් ආයිත්තම් වලින් සැරසුණු රූපණයේ යෙදෙන මිනිසුන්.එකම වර්ණයෙන්,එකම හැඩයෙන්,සැරසුනු ධජ පතාක ගත් මිනිසුන්'
සාමාන්‍යයෙන් දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ඇති බිමක ජනප්‍රියත්වයේ ලක්ෂණ මේ විදිහට තරග නැරඹිමේදී ප්‍රදර්ශනය වෙනවා.මේක ලංකාවෙ දකින්න තියෙන්නෙ ක්‍රිකට් වල විතරයි.ඒත් සංවිධානාත්මකව මෙවැනි දෙයක් පසුගිය දිනයක මහරගම ජාතික තරුණසේවා සභාවෙදි දැක්කා.ඒ වෙළද සේවා වොලිබෝල් අවසන් තරග අවස්ථාවෙදි.
'ගාමන්ට් ෆැක්ටරි නෙ,කට්ටිය කන්න බොන්න දීලා බලෙන්ම ගේන්න ඇති.'
තරගාවලියෙ අවසාන තරග සදහා ඇවිත් හිටිය බ්‍රැන්ඩික්ස් සහ මාස් කණ්ඩායම් දිහා බලල පූර්ව නිගමනයකට එන්න පුළුවන්.ඒත් ඇත්ත ඒකද?
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_uc2CKJ4N0qPJQBL7GWGfLSfwqM1G6bQDXnuIhwGrkAjpkg-wO4qoiaMnEThbH7mQeNXMIROTNUDg6Oq2QyWPVPYSjFU2yeNmrcdN5YMxKSrNQU43S6howCc03QgfChqkiIv_Iokoitx7BUvD6oYPq4M2gkvTmE=s0-d)
එහෙමනම් දිනන කොට පරදින කොට ඇස් වල කදුළු පුරෝගන සතුට දුක ප්‍රකාශ කරන රගපෑමත් ඔවුන්ට උගන්නලද?සාමාන්‍ය කතාවෙන් කියනවනම් ඔවුන් ගෙනාවෙ කෙහොම වුණත් කෑ ගැහුවෙ බොක්කෙන්!
තමන්ගෙ ආයතනයෙ සහෝදර සහෝදරියන්ගෙ දහඩිය වලට අගයක් ඉල්ලල ඒ වටිනාකම දිනා දෙන්න අරගලයක් කරන ගානට ඔවුන් කෑ ගැහැව්වා.
ජාතික ක්‍රීඩාව ජාතියට අයිති වෙමින් තියෙනවද කියල පුංචි සතුටක් හිත තුළ ලියලන්න ගත්තා.කණ්ඩායම් කිහිපයක් දක්ෂයො ඔක්කොම ගොඩ ගහල හිර කර ගත්තම ඇතැම් ජාතික කණ්ඩායමේ සාමාජිකයන්ටත් බංකුවෙ ඉදන් ඉන්න වෙන අවස්ථා අපි පසු ගිය කාලයෙ දැක්කා.මේ සංස්කෘතියත් එක්ක ඒක වෙනස් වෙයිද?
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_uwQKaPXSdecOme4pces1hFwDIcw1IP08gemlPcis0sm_lYBxFPtKQ3-Nupl_HxKthd7GmkPwhwHy_ri8npEINAMynIris2e58fmSx8FMSFWEjmcUFOxwtZj_HOuUFa6J_QbgVr3qy8R-hjTlAICj-n0lwyL4yc=s0-d)
පෞද්ගලික ආයතනික මට්ටමෙන් ජාතික තලයෙ ක්‍රීඩකයන්ට රැකියා දොරටු විවර වෙනවා නම්,එක තැනෙක පොදි ගැහිල ජීවිතය හොයන්න ක්‍රීඩකයන්ට සිදු වන්නෙ නැහැ.විශේෂයෙන්ම මේ තරගාවලිය නරඹන්න ජාතික තේරිම් කමිටුව ඔළුව දාලා බලන්න තිබුණා.ළගට ඇවිත් ගහල පෙන්නන්න එකයි,එන්න කියල ගහල පෙන්නන්න එකයි පැත්තකට දාලා හොයල ගිහිං ගහනව බලන්න ඕනි කියල හිතෙන සංස්කෘතියක් වොලිබෝලය ඇතුළෙ හැදෙන්න ඕනි.එහෙම එකක් හැදිල තිබුණ නම් විශේෂයෙන් ක්‍රීඩකයො කිහිප දෙනෙක්ටම ජාතික සංචිතයෙ පරීක්ෂණ වලට එන්න කියල ඒ අයට කියල යන්න තිබුණා.වැඩේ එතකොට තව දුරටත් සාර්ථකයි.ආයතන වල අවධානය මේ කෙරෙහි වැඩි වෙනවා.භෞතික වශයෙන් ක්‍රීඩාව දියුණු වෙනවා.
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_t2zIua4YNIuBZhcxs-KVH2B0gTMI1-Z767WZPgMgiYsKJMNZr5m3OaPKnDWS0pvo3-CYPBwL3ugxyT_LtF0b8ZTd6YrxtKf7wJQ-eLzU2x1Uqo0YAH5C-XEnone9KuCi2fiqAu95prwMfYrFAzgOEYjqmKhA8GAg=s0-d)
මේක කරනවට වඩා ඉන්න හුග දෙනෙක්ට ඕනි තමන්ගෙ මට්ටම වඩා ඉහළයි කියල පෙන්නල අඩි කිහිපයක් උඩින් යන්න.හැබැයි එහෙම හිතන අයව උඩින් අරන් බිමින් තියපු තරගාවලියක් හැටියට වෙළද සේවා වොලිබෝල් තරගාවලිය හදුන්වන්න පුළුවන්.ජාතික මට්ටමේ තරගාවලියට මදක් පහළින් තමයි,වෙළද සේවා, ජනසතු සේවා වැනි තරග සංවිධානය වන්නෙ.ඒත් වොලිබෝලයේ කතාව ඊට හාත්පසින් වෙනස්.ඇතැම් තැන් ජාතික මට්ටමත් ඉක්මවා ගොස් තිබුණා.ක්‍රීඩාව වුණත් එහෙමයි.ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මට්ටමට අභියෝග කළ හැකි මට්ටමෙන් ක්‍රීඩා කළා.
මෙතැනදි මාධ්‍යයෙන් වුණත් ඇතැම් විට වැරද්දක් වෙන්න ඇති.ජාතික වෙනුවට වෙළද කියන නම ආවම පුංචි මදි පුංචි කමක් එක්ක ඒ ගැන හිතන්න ඇති නිසාද මන්ද හුගක් අපේ සහෝදර මුහුණු පේන්න හිටියෙ නැහැ.
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_s6AuMD5jqraWWvLd-j-UFOZik1TrfMy2WlQMM80mOI8BEq6JL4zNypc0Or0tmVsIdzifMr_IaKEKA8FQiv-z-jCrdqOeQl3_m1rvDcGEHN1Tj_p64huVg2le422tO32c8eZDBmEz0zeEnD_hyp9FHfnuXaThHm=s0-d)
ඒත් ජාතික තලයේ වොලිබෝලය රැක ගන්න නම් මේ වොලිබෝලය සැබවින්ම විහිදුවා ලූ දීප්තිය පත්ඉරු මත,වගේම මැග්නීසියම් පට මතත් අතුරා ලොවට කියන්න තිබුණා.මේ හරහා විශාල වානිජමය වටිනා කමක් ආයතනික වශයෙන් ලැබිය හැකි බව ඒත්තු ගන්නන්න තිබුණා.ජාතික තලයෙන් ක්‍රීඩාව රැකෙන එක වගේම ක්‍රීඩකයාගේ සුරක්ෂිත බව ඇති කිරීමත් අපේ වගකීමක්.ඒ සදහා රැකියාවක් නෑ කියා දක්ෂයෙකු වෙනුවෙන් පිහිට වන්න යැයි ලියන්නට පෑනේ තීන්ත වැය කිරීමට වඩා,රූපවාහිනි තිරය භාවිතා කිරීමට වඩා ඔවුන්ට වෘත්තිය පදනමක් ගොඩ නැගෙන මෙවැනි තැන් ඔසවා තැබීම වැදගත් කොට සිතීමට අපේ මාධ්‍ය සමාජ දේශපාලනික අවබෝධයකින් කටයුතු කළ යුතුයි.
කෙසේ වුවත් අලුත් සුවදක් රුදුනු සුළගක් ජාතික ක්‍රීඩාව හරහා ඇදි ගිය බව කිව යුතුයි.ඒ සුළග ගම් නියම් ගම් පසු කර වොලිබෝල් පිටියේ වැටෙන දහදිය වඩා ක්‍රමවත්භාවයක් තුළ ගමේ කම්හල් දොරෙන් ඇතුළට පිවිසෙන දවස වැඩි ඇතක නොවුණොත්,එළැඹෙන වසරේ වෙළද සේවා වොලිබෝල් තරගාවලිය තියන්නට ලංකාවෙ විශාලතම ඉඩ-කඩක් ඇති අලුත්ම බිමක් තෝරා ගන්නට තරම් මේ තරගාවලියේ සහභාගීත්වය පුළුල් වෙයි.
ඡායාරූප - සංජීව සමරවික්‍රම
තරගාවලියේ සමස්ත තරග ප්‍රතිපල සදහා අප වෙබ් අඩවිය වන
www.supirikrida.com වෙත පිවිසෙන්න.
www.supirikrida.com
2 comments:
ඔබේ මේ සටහන හරි හැඟුම්බරයි...ඔබේ අවංක පැතුම ඉටුවේවා!
word varification එක අයින් කලොත් හොඳයි නේද comment කරන්න එපා වෙනවා
Post a Comment