Dec 17, 2012

ලංකාවේ හොකි ලොක්කියන්ගේ දණ බිම ඇනෙයි

සිංගප්පූරුවේ ශාන්ත කෑන්ස් කාතිම හොකී පථයේ පැවති ආසියානු සම්මේලන කුසලාන ‍කාන්තා හොකී සූරතාවලියේ සිව්වන තැන දක්වා පහත බසින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූයේ දැවැන්ත පරාජයන් දෙකක්ද සමගින්ය.ඉකුත් වර තරගාවලියේ අනු සූරියන්ව සිටි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර චීන තායිපේ කණ්ඩායම ඉදිරියේ ලකුණු 8 - 1 ලෙස පරාජයට පත් වූ අතර හොංකොං කණ්ඩායම ඉදිරියේ පරාජය වූයේ  6 - 0 ක් ලෙස ය.
පළමු වටයේදී පකිස්තානයට එරෙහිව 8 - 1 ක් ලෙස සහ සිංගප්පූරුවට එරෙහිව 1 - 0 ක් ලෙස ද ජය ගත් ශ්‍රී ලංකාව ලකුණු 2 - 1 ක් ලෙස තායිලන්තය ඉදිරියේ පමණක් පරාජය ලැබීය.නමුත් යළිත් තරගයේ තෙවන ස්ථානය සදහා තායිලන්තය හමු වෙද්දී තායිලන්තය තරග අත්දැකීම් සමග ලබා සිටි ප්‍රගතියට සමානව ලංකා වැටි තිබූ පසුබෑම පැහැදිළි කරමින් තරගයේ ජය තායිලන්තය විසින් අත් පත් කර ගත්තේ ලකුණු 6 - 3 ක් ලෙසය.
කාන්තා හොකී ක්‍රීඩාවේ උරුමක්කාරයන් ලෙස හැසිරෙන චරිත කිහිපයක් මේ සදහා වගකිව යුතු බව හොකී ප්‍රේමින් විසින් පෙන්වා දෙන අතර සම්මේලනය මෙවැනි අවස්ථාවලදි ක්‍රීඩා කණ්ඩායමට මුදල් සොයා දීමක් නොකරන නිසා තරගාවලිය ආසන්නයේ ක්‍රීඩිකාවන් අනවශ්‍යය පීඩනයකට මුහුණ දීමද මේ සදහා බල පෑ හැකි බව පෙන්වා දෙයි.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංචාර සදහා මුදල ප්‍රදානය කරන පුන්‍ය ආයතනයක් සිදු නොවිය යුතු බව අප විශ්වාස කරන අතර නමුත් එම වන්දනා සදහා කරන මුදල් අනුග්‍රහයන්ට සාපේක්ෂව ගත් විට ලංකාවේ හොකී ක්‍රීඩිකාවන්ට ආසියාවේ ප්‍රබලතම තරගයට පෙර හොකී වපසරිය තුළ ලැබෙන විශාලතම සහ ප්‍රධානතම තරගාවලිය මෙය බැවින් අනුග්‍රහයේදී  මේ ගැන සිතීමට හැකියාවක් තිබෙන බව ද අපි විශ්වාස කරන්නෙමු.
www.supirikrida.com

No comments: