![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivWEFxIqInd93KmPthXxsSR_UbIhR6MKadCemrhY_tLVIzZvdNzgWhbbV6JPUFQb706Ry8l3i9zzz0MkY3VT5LRy1HK6uRggCsZxrgXnc8DTlyCywKLhXscycMOQlSsi8I2LflrWU0ge0/s1600/miguel-indurain+1991.jpg)
නමුත් හත් වරක් ප්රංශ සවාරිය ජය ගත් ආම්ස්ට්රෝන්ගෙන් පසුව වැඩිම වරක් ප්රංශ සවාරිය ජය ගත් අය නිරීක්ෂණය කිරීමේදී පස් වරක් ප්රංශ සවාරිය ජය ගත් සිව් දෙනෙකුගේ නම් දැකිය හැකිය.ඒ අතරින් ඉන්ඩුරේන්ට වැඩි සුදුසුකම් ඇතැයි විචාරකයන් පවසන්නේ ඔහු එක දිගට පස් වරක් ප්රංශ සවාරිය ජය ගෙන තිබීම නිසාය.පළමු වරට පස් වරක් ප්රංශ සවාරිය ජය ගත් තරගකරුවා ලෙස අපට හමු වන්නේ ප්රංශයේ ජැක්ස් ඇන්ක්වේටිල් ය.ඔහු 1957 පළමු වරට ප්රංශ සවාරිය ජය ගැනීමෙන් ඉනික්බිතිව 1961 සිට 64 දක්වා එක දිගට සිව් වරක් ප්රංශ සවාරිය ජය ගන්නේය.
බෙල්ජියම නියෝජනය කළ එඩී මෙරෙක්ස් 1969 සිට 72 දක්වා සිව්වරක් එක දිගට ප්රංශ සවාරිය ජය ගත් අතර අනතුරුව 1974 ප්රංශ සවාරිය ද ජය ගන්නේය.මිගුවෙල් 91 - 95 සමය තුල එක දිගට පස් වරක් ජයගන්නා තෙක්ම එක දිගට වැඩිම වරක් ප්රංශ සවාරිය ජය ගැනීමේ ගෞරවය හිමි වී තිබුණේ ජැක්ස් ට සහ එඩී ට ය.මේ තිදෙනාට අමතරව ස්පාඤ්ඤයේ බර්නාඩ් හීනෝල්ට් ද පස් වරක් ප්රංශ සවාරිය ජය ගෙන ඇත.1978 - 79 දෙවසර එක දිගට ප්රංශ සවාරිය ජය ගන්නා හීනෝල්ට් නැවත 81,82 සහ 85 යන වසර තුනේදී ද ප්රංශ සවාරිය ජය ගනිමින් ප්රංශ සවාරිය වැඩිම වරක් ජය ගැනීමේ ක්රීඩක නාම ලේඛණයේ ඉදිරියෙන්ම සිටින තරග කරුවන් සිව් දෙනා හා සමතැන් ගනියි.
www.supirikrida.com
2 comments:
අදයි ඔබේ අඩවියට ගොඩවුණේ. වේනස් විදිහෙ බ්ලොගියක්. ක්රීඩා අඩවියක අඩුවත් ඔන්න සම්පූර්ණයි. මගේ කමත සිංඩියට මම ඔබව ඇතුළ් කරගත්තා.
ආ... තව එකක්- කොමෙන්ට් කරන්නට තියෙන විදිහ වෙනස් කළොත් නම් බොහෝම වටිනවා.
ස්තූතියි,කොමෙන්ට් කරන්න හොද විදිහ මොකද්ද ?
Post a Comment