කාන්තා සහ පිරිමි ලෙස ක්‍රියාත්මක වන මෙම තරගාවලියට එක් අංශයකින් බර පංති 10 ක ඉසව් ඇතුළත් වේ.ඉකුත් වසරේ කොළඹ රාජකීය විද්‍යාලීය බොක්සිං කවයේ පැවති ජාතික කණිෂ්ඨ බොක්සිං තරගාවලියේදි සූරතාවය දිනා ගන්නට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලීය කණ්ඩායම සමත් වූ අතර දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා ලෙස ගෞරවයට පාත්‍ර වූයේ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ දුලිප් මෙණ්ඩිස් ය.දක්ෂතම පරාජිතයා වූයේ යුනිචෙලා ක්‍රීඩා සමාජයේ එම්ආර් සදරුවන් ය.
එක් බර පංතියකින් කීඩා සමාජයකට හෝ පාසලකට ක්‍රීඩකයන් අට දෙනෙකු ඇතුළත් කිරීමට අවස්තාව හිමි වන අතර ජයග්‍රහණ සදහා ලබා දෙන ලකුණු අනුව වැඩිම ලකුණු එකතුවක් ලබන කණ්ඩායමට සමස්ත සූරතාවය හිමි වේ
www.supirikrida.com
No comments:
Post a Comment