ටෙස්ට් තරග දෙකකට,එක්දින තරග පහකට සහ 20/20 තරගයකට සහභාගි වීම සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවත්වීමට නියමිතව තිබූ එකම 20 / 20 තරගය වර්ෂාව නිසා අතරමග නවතා දැමීමට සිදුවිය.පළමු එක්දින තරගය නවතා දැමුණේ එකදු පන්දුවක්වත් නො'යවමින්ය.මේ වන විට ශ්‍රී ලංකාව සතුව දිවා රාත්‍රි තරග පැවත්විය හැකි ක්‍රීඩාංගණ කිහිපයක් ඇතත් කාලගුණ තත්ත්වයන් සළකා තරග සදහා එම ක්‍රීඩාංගණ යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු නොවීම මේ තරගාවලියේදී ද ක්‍රීඩාංගණ නම් කිරීමේදී පැහැදිළි වන්නේය.
නිදහසට ලංකාවටම වැස්සා වැනි අං දෙකේ උත්තරයක් නොදී වස් පවාරණ වන මේ කාලයට වසින බව සාමාන්‍ය මතය නම් වඩාත් සුදුසු වන්නේ වර්ෂාව අඩු ප්‍රදේශයකට මෙම තරග තල්ලු කිරීමය.ඒ සදහා හම්බන්තොට සුදුසුය.වීසි කර දමා තිබෙන දඹුල්ල ද සුදුසු ය.නමුත් සර්ෂාව වැඩිම ප්‍රදේශයක් වන පල්ලෙකැලේට එම තරග ගෙන යාමේ ප්‍රතිපලය අනෙක් ස්ථාන වලට සාපේක්ෂව සාර්ථක වන්නට ඇති ඉඩ-කඩ වළකන්නේය.
එසේ නොවන තාර්කික නොවන තීරණ වලින් වන්නේ මේ ක්‍රීඩාංගණය පුරවා තිබෙන ජලයට මහජන මුදල් කිසිදු ලාභයකින් තොරව දියකර හැරීමය.
www.supirikrida.com
No comments:
Post a Comment