දිවයින පුරා ඇද හැලෙන මහ වර්ෂාව නිසා කෝට්ටේ දැල්පන්දු ඇකඩමිය සිය හත්වන සංවත්සරය වෙනුවෙන් පවත්වන්නට සංවිධානය කර තිබුණු දැල් පන්දු තරගාවලිය කල් දැමීමට තීරණය කර ඇත.ඒ පිළිබදව අදහස් දැක් වූ තරග සංවිධායාකා ශ්‍යාමා කුරේ ප්‍රකාශ කළේ තරගාවලිය සදහා සියල්ල සංවිධානය වී ඇතත් වර්ෂාව නිසා ක්‍රීඩාංගණය තරග පැවත්වීමට සුදුසු මට්ටමක නැති බැවින් මෙම තීරණය ගත් බවය.වැඩි දුරටත් අදහස් දැක් වූ ඇය පවසා සිටියේ කාලගුණ තත්ත්වය යහපත් අතට හැරුනු විගස තරගාවලිය පැවත්වෙන බවය.
හිටපු ජාතික පුහුණුකාරිය තිලකා ජිනදාස විසින් ආරම්භ කරන්නට යෙදුණ,ජාතික මට්ටමේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් විහාල පිරිසකගේ මාර්ගෝපදේශණ මධ්‍යස්ථානය වූ කෝට්ටේ දැල් පන්දු ඇකඩමිය සංවිධානය කරන්නට යෙදුණ මෙම තරගාවලියට සහභාගි වීමට ආරාධනා ලැබ තිබූ කණ්ඩායම් වලට තරගාවලිය කල් දැමීම නිසා ඇති වූ අපහසුතාවය පිළිබදව කණගාටුව ප්‍රකාශ කරන බව කී තරග සංවිධායිකා ශ්‍යාමා,තරගාවලිය පැවත්වෙන ස්ථානයේ වෙනසක් සිදු නොවන බවත්,එය නුදුරු දිනකදී අංගම්පිටිය ක්‍රීඩාංගණයේදී ම පැවත්වෙනු ඇති බවත් ප්‍රකාශ කළාය.
www.supirikrida.com

No comments:
Post a Comment