සල්මා කතූන් |
පන්දු ඕවරයකට ලකුණු 3 ක් පමණ වූ පහසු ඉලක්කය හඹා යෑමට පිවිසි ශ්‍රී ලංකාව ඒ පිළිබදව ඇති කරගත් අනවශ්‍යය බියකින් මෙන් ක්‍රීඩා කරන බවක් ප්‍රදර්ශනය කළ අතර එහි ප්‍රතිපලය වූයේ 20 වන පන්දු වාරයේ සිව්වන පන්දුවේදී අදේශිකා ප්‍රබෝධනී ගේ කඩුල්ල දුවද්දී දැවී යාමෙන් ශ්‍රී ලංකා ඉණිම ලකුණු 57 කින් අවසන් වීමය.අනවශ්‍යය පීඩනයකින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වෙතින් මුලු ඉණිමටම එල්ල වූයේ එක් හතරේ පහරක් පමණක් වූ අතර එය චමරි අතපත්තු විසින් එල්ල කරන්නට යෙදිණ.
ශ්‍රී ලංකා පිතිකරණයට විශාලතම තර්ජනය එල්ල කළ සල්මා කතුන් ලකුණු සිය 20 / 20 ක්‍රිකට් දිවියේ හොදම පන්දු යැවීම සටහන් කරමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ලකුණු 6 ට කඩුලු 4 ක් දවා ගනිමින්ය.මෙම පරාජයත් සමග ශ්‍රීලංකාවට බී කාණ්ඩයේ පළමු තැනට පැමිණීමට තිබූ අවස්ථාව අහිමි වී ගිය අතර ඒ අනුව ශ්‍රී ලංකාවට 30 දා ඒ කාණ්ඩයෙන් පළමු තැන ගත් ඉන්දියාවට එරෙහිව අවසාන පූර්ව තරගයට මුහුණ දීමට සිදුවනවා ඇත.
www,supirikrida.com
No comments:
Post a Comment