කණ්ඩායමේ සංයුතිය තුළ විශ්වසනීය පන්දු යවන්නන් නොසිටීම දැඩි අර්බූදයක් වූ අතර ඉකුත් එස්එල්පීඑල් තරගාවලිය තුළ දී දක්ෂතා අතර සිටි කෞශල්‍යය විරරත්න,මිලින්ද සිරිවර්ධන වැනි ක්‍රීඩකයන්ට මෙම කණ්ඩායමේ තිබුණු ඉඩ පැහැදිළිව දකින්නට ලැබිණ.ස්ථාවර සය සාමාජික කීඩකයෙකුගේ ලක්ෂණ ඉතා අඩුවෙන් ප්‍රදර්ශනය කරන ජෙහාන් මුබාරක් කණ්ඩායමේ නායකයා වීම නිසා ඔහුව සසල කිරීමට හැකියාවක් නොතිබි අතර ඔහුට කුමක් නොහැකි වුව ද හැම දෙයක්ම හැකි ලෙස දකින තේරීම් කමිටුව ඔහුටත් වඩා ඔහුව විශ්වාස කරන බව පෙන්වා දෙන ඉතිහාසය මුබාරක් ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාවට බරක් ලෙස දැනීමේ ප්‍රති විපාකයේ ප්‍රධාන වගකීම අසන්ත ද මෙල් මහදැනමුත්තාගේ භූමිකාව රගන එම තේරීම් කමිටුව දැරිය යුතුය.
ඊයේ එකදු තරගයකවත් ලකුණු 100 ට පිවිසීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාව හොංකොං,දකුණු අප්‍රිකාව සහ පකිස්තානය ඉදිරියේ පරාජය ලැබිය.මූලික වටයේ ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජය ලැබූ පකිස්තානය දකුණු අප්‍රිකාව සමග අවසාන තරගයට පිවිසි අතර එහිදී දකුණු අප්‍රිකාව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් පකිස්තානයට එරෙහිව ලකුණු 142 ක් රැස් කරන්නට සමත් විය.පිළිතුරු ලෙස පකිස්තානු ඉණිම වෙනුවෙන් එක් අන්තයක සිට තරගාවලියේ වැඩිම හයේ පහර ලාභියා වෙමින් දැවැන්ත ලකුණු 51 රැස් කළ කම්රාන් අක්මාල් සය සාමාජික කිරුළ පකිස්තානයට රැගෙන යන්නට ගත් හුදෙකලා උත්සාහය අසාර්ඛන විය.
මේ අතර පළිහ කුසලානය සදහා පැවති අවසාන තරගයේදී නෙදර්ලන්තය ඕස්ට්‍රේලියාව ඉදිරියේ පරාජයට පත් විය.
www.supirikrida.com
No comments:
Post a Comment