![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF8dpXzWC3HuZRQgom-40KHGlgSMljrf-tEPpCtYOeJubKB7JgOc0I75f3Dgrk92t4yO7Uh6Q-9coP6paFBKP4NO0HEBJof0twoTA9pU90DEmwKhyphenhyphenXKSeaDSP82bYC7sDwr8NuNsBayp0/s692/Dinuka-Karunarathne-ooooo-300x277.jpg)
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ලීනින් බැඩ්මින්ටන් උපකරණ හදුන්වා දෙමින් එම අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන වෙළද සේවා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ කේවල,යුගල සහ මිශ්‍ර යුගල අංශ තුනේම අවසන් තරග සදහා සුදුසුකම් ලැබීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම නියෝජනය කරන දිනුක කරුණාරත්න සහ නදීශා ගයත්‍රි සමත් ව සිටියි.අද සවස 2.00 සිට ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක මෙම තරගාවලියේ අවසන් තරග වලදි දිනුක කරුණාරත්න පිරිමි අවසන් තරගයේදී සිය සොහොයුරු ජාතික සූර නිලූක කරුනාරත්න සමග තරග වැදීමට නියමිතය.දිනුක පිරිමි යුගල අවසන් තරගයේදි අනූෂක ලක්ෂාන් සමග එක්ව තරග වදින අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ මැක්ලරන්ස් ආයතනය නියෝජනය කරන නිලූක කරුණාරත්න සහ නිම්මික එදිරිසූරිය ය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjIbh_QQkPUQnS-mXbKqAflVc2SvcxfO-ilh9wjouFtZ686iIhdoBMJs6deS2-j_Ce8WMw3qtJ8EkayE2qWstaSD393r9QuQkDc4_ZchKoAzesTCxFI_6-71YGHUkj_-Ci0CldTBaVnHdg/s320/naddesha+1.jpg)
මෙම තරගාවලියේ මාධ්‍ය සම්බන්ධිකරණ කටයුතු වලින් දායකවන්නේ www.supirikrida.com වෙබ් අඩවිය ය.
www.supirikrida.com
No comments:
Post a Comment