බංගලාදේශය සමග පැවති තරගයේදී ශ්‍රී ලංකාවට එල්ල වූ ලකුණු 62 ක ඉලක්කය ලබා ගැනීමට නොහැකිව ශ්‍රී ලංකා පිතිකාරිණියන් පෙන්නුම් කළ දුර්වල ක්‍රීඩා විලාශය නිසා ඒ කාණ්ඩයෙන් දෙවන තැනට පත්වෙන පකිස්තානය හමු වීමට තිබූ ඉඩ අහිමි විය.එසේ වූවා නම් බී කාණ්ඩයෙන් අපරාජිතව පෙරට ආ ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයෙන් ඉන්දියාවට පරාජය වී අවසාන පූර්ව තරගයට පැමිණි පකිස්තානයට වඩා දස්කම් දක්වා තිබුණු බැවින් ශ්‍රී ලංකාවට අවසාන තරගය හිමි වන්නට තිබිණ.
මෑත කාලීනව ගත් විට ශ්‍රී ලංකාව පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් විශාල ප්‍රගතියක් පෙන්නුම් කළ ද,පිතිකරණයේදී දක්වන විශාල දුර්වලතාවය හේතුවෙන් ජය ගැනීමට තිබූ තරග විශාල ප්‍රමාණයක් පරාජයෙන් කෙළවර ගත් බව දකින්නට හැකි විය.පිරිමි ජාතික කණ්ඩායමේ හැකියාවන් සහ ක්‍රියාකාරීත්වයේ වෙනස් කම් පිළිබදව යොමු කරන අවධානයෙන් සියයට 10 ක පමණ හෝ අවධානයක් හෝ සැළකිල්ලක් ලබන බවක් නොපෙනෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිබදව සහ ඔවුන් දක්වන පන්දුවට පහරදීමේ දුර්වලතාවය පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් මීට වඩා අවධානයක් යොමු කරන්නේ නම් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ද,ලෝකයට අභියෝග කළ හැකි මට්ටටමට පත් කර ගැනීමේ හැකියාව ඇති බව අප වගකීමෙන් අවධාරණය කරන්නේමු.
අද ආසියානු 20 / 20 කාන්තා ක්‍රිකට් කුසලාන තරගාවලියේ අවසාන තරගය චීනයේ දී පැවත්වෙන්නේ ඉන්දියාව සහ පකිස්තානය අතරයි.
www.supirikrida.com
No comments:
Post a Comment