ශ්‍රී ලංකාව ස්ථාන දෙකකින් ආසියානු යොවුන් බාලකයන් අතර පෙරට පැමිණ හයවන ස්ථානය ලබමින් තරගාවලිය නිම කළ අතර පස්වන ස්ථානය සහ හයවන ස්ථානය නිර්නය කර ගැනීම සදහා ඊයේ පැවති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම තරගාවලියේ මීට පෙර චීන තායිපේ කණ්ඩායම හමුවේ දැක් වූ දස්කම් ප්‍රදර්ශනය නොකිරීම මද පසු බැසීමක් ප්‍රදර්ශනය කිරීමකි.වර්ගීකරණය අනුව පැවති තරග වටයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තරගය ජය ගැනීමට චීන තායිපේ කණ්ඩායමට වට පහම ක්‍රීඩා කිරීමට සිදු වුව ද,ඊයේ ශ්‍රී ලංකාව ලකුණු 25 - 14 ,25 - 22 සහ 25 - 23 ක් ලෙස වට 3 - 0 කින් පරාජය කරන්නට චීන තායිපේ ක්‍රීඩකයන්ට හැකි විය.
කෙසේ හෝ සිය කළාපීය දැවැන්තයා වූ ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන්දියාවට වඩා පියවරක් ඉදිරියට පැමිණ ඉන්දියාව හත් වන ස්ථානයේ රද වන්නට සමත් වූහ.1996 දී ශ්‍රී ලංකාව ආසියාතික පාසල් වොලිබෝල් තරගාවලියේදී සිව්වන තැනත්,2003 දී තෙවන තැනත් දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව ආසියාතික මට්ටමෙන් ලද විශිෂ්ඨතම වොලිබෝල් ජය ලෙස හැදින්විය හැකි මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ ක්‍රීඩක දක්ෂතා රටේ අනාගතය වෙනුවෙන් සුරැකෙන වැඩ පිළිවෙළකට යාම මේ මොහොතේදී ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ගේ මෙන්ම වොලිබෝල් බලධාරීන්ගේද වගතීමයි.
www.supirikrida.com
No comments:
Post a Comment