මෑත දිනයක මලල ක්‍රීඩා විධායක සභාවේද වීසි කිරීම් ඉසව්වලදී වියපත් පිරිස් විනිශ්චයට යෙදවීමෙන් ඇතැම් විට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අසාධාරණයක් විය හැකි බව සහ ඔවුන්ගේ ශාරිරික යෝග්‍යතාවය පිරික්සීම පිළිබදව සාකච්ඡාවට ගත් අතර වත්මන් මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායකයන් ද එහිදි එම අදහස ඉතා ඉහළින් අගය කරමින් කතා කළේය.ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධානතම තාක්ෂන නිලධාරියා වන පීඩී වෛද්‍යතිලක එහි දී අදහස් දක්වමින් කියා ඇත්තේ මලල ක්‍රීඩා විනිසුරුවන් සම්බන්ධයෙන් වයස් සීමාවක් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය කටයුතු කර නැති බවය.
නමුත් මෙම සිදුවීමත් සමග ලංකාවේ මලල ක්‍රිඩා සංගමයේ අවධානයට යොමු වූ කරුන පිළිබදව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයද සිතා බලන්නට කටයුතු කළ හැකි බවක් සිතිය හැකි අතර මලල ක්‍රීඩා විනිසුරුවන් ලිඛිත විභාග වලට අමතරව නිරන්තරයෙන් තරග විනිශ්චයේදී ශාරිරික යෝග්‍යතා පරික්ෂණයන්ට මුහුණ දිය යුතු බව මෙම සිදුවීම ඔස්සේ අවබෝධ කර ගත හැකිය.විශේෂයෙන් හෙල්ල,මිටිය සහ කවපෙත්ත වැනි ඉසව් වලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වේගවත් වීසිකිරීම් සමග පතිත ස්ථාන නිවැරදිව දැක ගැනීමට මෙන්ම එම වීසිකිරීම් උපකරණ වලින් හානියක් නොවන සේ වහා ස්ථාන ගත විමට ද පෙනීම මෙන්ම ශාරීරික යෝග්‍යතාවය ද මැනවින් නඩත්තු කළ යුතුය.
www.supirikrida.com
No comments:
Post a Comment