අවසාන තරගයේදී පළමුව පන්දුවට පහර දුන් නැගනහිර කණ්ඩායම වැසි තර්ජන මැද පන්දු ඕවර් 15 ට සීමා වූ සිය ඉණිම තුළ ලකුණු 134 ක් ලබද්දි නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 73 ක් රැස් කරේ පන්දු 27 කින් ය.ප්‍රදර්ශණාත්මක ඉණිමක නිරත වූ මැතිව්ස් මුහුණ දුන් පන්දු 27 න් හතරක්ම හයේ සීමාවේ පතිත වූ අතර පන්දු 8 ක් හතරේ පහර හැටියට ලකුණු විය.
පන්දු යැවීමෙන් යලිත් කැපී පෙණුන ජකබ් ඕරම් සිය පන්දු ඕවර් 4 ලකුණු 13 ට සීමා කරමින් කඩුලු 4 ක් ලැබීමට සමත් විය.පිලිතුරු ඉණිම ක්‍රීඩා කළ ඌව වෙනුවෙන් හුදෙකලා ඉණිමක් දියත් කළ ඩිල්ෂාන් යවන ලද පන්දු 31 න් 23 ක්ම සිය පිත්තේ දවටා ගත් අතර සිකුගේ ප්‍රසන්න ද පන්දු පහකින් ලකුණු 15 ක් ලබන්නට සමත් විය.තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571376.html
www.supirikrida.com
No comments:
Post a Comment