ඕස්ට්‍රේලියාව මෙම තරගයේ සිය පන්දු වාර පනහෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් නිම වෙද්දී ද දැඩි අසරණ බවක ගිලී සිටි අතර ලකුණු 38 ක ට කඩුලු හතරක් බිද වැටීමෙන් පසුව නායක විලියම් බොසිස්ටෝ (නොදැවී 87),ට්‍රෙවිස් හෙඩ් (37) සහ ඇස්ටන් ටර්නර් (43) විසින් දක්වන දායකත්වය මත ඕස්ට්‍රේලියාවේ ලකුණු පූවරුව 225 ක් බවට පත්විය.පන්දු යැවිමේදී යළිත් දක්ෂතා දැක්වූ සන්දීප් ෂර්මා ලකුණු 54 ට කඩුලු 4 ක් දවා ගනිමින් කැපී පෙණින.
ඉන්දීය පිලිතුරු ඉණිමට ද ඕස්ට්‍රේලියාවට සිදු වූ දෙයම සිදු විණි.25 වන ඕවරයේ දෙවන පන්දුවේදී සිය සිව්වන කඩුල්ල අහිමි වන විට ඉන්දිය ලකුණු පූවරුව 97 ක් පමණක් විය.නමුත් ඉන් අනතුරුව ලකුනු පූවරුවේ දැවීම් වල සංඛ්‍යාව වෙනසක් නොවන්නට වග බලා ගත් නායක චාන්ඩ් සහ ස්මිත් පටෙල් (නොදැවී 62) නොබිදුණු ලකුණු 130 ක සබදතාවයක් පවත්වමින් 48 වන ඕවරයේ සිව්වන පන්දුවේදී ඉන්දීය ලකුණු පූවරුව 227 ක් බවට පත් කළේය.පහත සබදතාවයෙන් තරගයේ ලකුණු පූවරුවට පිවිසීමට හැකියාව ඇත.http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/match/554564.html
www.supirikrida.com
No comments:
Post a Comment