කාසියේ වාසිය ලබමින් පළමුව පන්දුවට පහර දුන් ඌව කණ්ඩායම ලකුණු 171 ක් ලැබූ අතර එය හඹා යාමට පැමිණි වයඹ කණ්ඩායම ලකුණු 27 ක් වන විට තමන්ගේ කඩුලු හතක් අහිමි කර ගත්තේ මෙම තරගාවලියේ අඩුම ලකුණු ලැබූ කණ්ඩායම බවට පත් වීමේ ලකුණු පහළ කරමින්ය.නමුත් වයඹ කණ්ඩායම වෙනුවෙන් අටවන කඩුල්ලට ප්‍රදර්ශණාත්මක පිතිහරඹයක යෙදෙමින් ලකුණු 120 ක සබදතාවයක් ඇති කළ අසාර් මෙහෙමුද් සහ ඉසුරු උදාන උද්දාමයට පත් වී සිටි වයඹ කණ්ඩායම විශාල තිගැස්මකට ලක් කළහ.
සිය 20 - 20 දිවියේ හොදම ඉණිම ක්‍රීඩා කළ ඉසුරු උදාන පන්දු 38 කින් ලකුණු 42 ක් රැස් කළේ හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින්ය.අසාර් මෙහෙමුද් සිත්පිත් නැති ප්‍රහාරයක නිරත වූ අතර තරගය නිමා වන විට ඔහු ලකුණු 75 ක් සමග නොදැවී සිටියේ පන්දු 48 ට මුහුණ දී හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් ද එක් කර ගනිමින්ය.
පන්දුවට පහර දීමේදී චන්ද්‍රපෝල් ගේ ලකුණු 50 ට සිය පිත්තෙන් ද ලකුණු 41 කින් දායක වූ ජෙකබ් ඕරම් පන්දුවෙන් ද ලකුණු 16 ට කඩුලු 3 ක් ලබා ගත්තේ ඌව කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වෙමින්ය.තරගයේ සමස්ත ලකුණු විස්තරයට මෙම සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571374.html
www.supirikrida.com
No comments:
Post a Comment