විශේෂයෙන් අද තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් යොදා ගන්නා ක්‍රීඩා සංචිතය පිලිබදව වැඩි අවධානයක් යොමු කරන්නට පුහුණුකාරිනිය සැළකිලිමත් විය යුතු අතර තරගය පුරාවට වේගවත් තරග රිද්මයක් පවත්වා ගැනීමට හැකි අයුරෙන් සිය ක්‍රීඩිකාවන් මෙහෙයවීම සහ යොදා ගැනීමට ඇයට විශේස සැළසුමක් සහිතව ක්‍රියාත්මක වීමට සිදුවීම නොවැළක්විය හැකිය.
ඊයේ පැවති (29) තරගවලදී මලේසියාව,හොංකොං,මාල දිවයින සහ නේපාලය ජය වාර්තා කළ අතර එම සෑම තරගයක්ම ඒක පාර්ශවික ජයග්‍රහණ බවට පත් වු දුබලයන් සහ ප්‍රබලයන් අතර ගැටුම් විය.නමුත් විශේෂයෙන් බෘනායි සහ මැලේසියාව අතර තරගය ඉතා වේගවත් මුහුනුවරක් ගත් අතර තිලකා ජිනදාස නම් පුහුණුකාරිය ගේ අනන්‍යතාවය මොනවට පැහැදිළි කරමින් සම්පූර්ණ තරග කාලය මැලේසියා වේගයට සමානව ක්‍රියාත්මක වීමට බෘනායි කණ්ඩායම දැක් වූ ප්‍රශස්ත හැකියාව කදිමට කැපී පෙණින.
එම ප්‍රතිපලය අනුව බෘනායි කණ්ඩායම මේ වන විටත් තමන් තරග වදින බී කාන්ඩයේ තෙවැනි ස්තානය දිනා ගෙන ඇති අතර ඔවුන් අද ශ්‍රේණිගත කිරීමේ තරග යටතේ ජපානය සමග තරග වැදිමට නියමිතය.අද තරගය මෙන්ම අද ජයග්‍රහණය ලබා හෙට ලැබෙන තරගයද ජය ගතහොත් කෝඩුකාර බෘනායි කණ්ඩායමට සමස්ත තරගාවලියේ පසුවන තැනට පිවිසෙන්නට අවස්ථාව හිමි වන අතර එයද යම් මට්ටමක ශ්‍රී ලංකා ජයග්‍රහණයක් විය හැක්කේ එහි පුහුණුකාරිනිය තිලකා ජිනදාස ඉකුත් ආසියාතික සූරතාවලිය දිනා දිමට ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කළ ලංකාවෙ පුහුණුකාරිණියක වන බැවිනි.
www.supirikrida.com
No comments:
Post a Comment