එස්එල්පීඑල් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකි වූ තරගයක් ලෙස නිමාවට පත් වූ අතර තරගාවලියේ ඒ දක්වා දක්වා තිබූ දස්කම් සැළකිල්ලට ගනිමින් අවසන් පූර්ව තරගය සදහා නැගනහිර කණ්ඩායමට අවස්ථාව හිමි විය.කදුරට සහ නැගනහිර කණ්ඩායම් අතර පැවත්වීමට තිබූ මෙම තරගයේදී තියුණු තරගයක් ඇති විය හැකි තත්ත්වයක් දකින්නට තිබුණ ද ක්‍රීඩා ලෝලීන්ට එම අවස්ථාව අහිමි කරමින් වර්ෂාව විසින් බාධා ඇති කිරීමේ ප්‍රතිපලය නැගෙනහිර කණ්ඩායමට අවසාන තරගයට අවස්ථාව උදා කළේය.
නමුත් තරගාවලියේ පෙරමුණේම සිටිය කණ්ඩායම වූ වයඹ පළමු අවසන් පූර්ව තරගයේදි පරාජය වූ ආකාරය සිතන විට සහ කදුරට කණ්ඩායම අවසානයට පැවති තරග වල දී ජයග්‍රහණ අතර සිටීම සළකා බලන විට ඔවුන්ට ද නැගෙනහිර පෙරළා අවසන් තරගයට පිවිසීමට අවස්ථාවක් තිබුණු බව සිතිය හැකි නමුත් තරගාවලියේ ආරම්භයේ සිටම දක්ෂතා අතර සිටි නැගෙනහිර කණ්ඩායම පෙරමුණට පැමිණීම වැළක්වීමට නොහැකි කරුණක් විය.
www/supirikrida.com
www/supirikrida.com
No comments:
Post a Comment