සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 19 න් පහළ ඒ කොටසේ පාපන්දු තරගයකදී කොළම අශෝක විද්‍යාලයට එරෙහිව ගෝල 6 - 0 ක ජයක් අත්කර දීම සදහා පෙරමුණ ගත් කොළඹ මහානාම විද්‍යාලයේ සජන පුලන්ජිත් ගෝල ත්‍රිත්වයක් ලබමින් දස්කම් දැක්වීය.කොළම අශොක විද්‍යාලයේ පැවති මෙම පාපන්දු තරගයේදී මහානාමයේ ජයග්‍රහණය වෙනුවෙන් ජනිත් චක්දිමාල් ගෝල 2 ක් රැස් කරන්නට යෙදුණ අතර කවිංග දර්ශාන් ද ගෝලයක් ලබා ගන්නට සමක් විය.අශෝක විද්‍යාලීය ක්‍රීඩා පිටියේදීම පැවති මෙම තරගයේ දී සිය ක්‍රීඩාංගණයේදීම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට අශෝකයට ඉඩ නොදුන් මහානාමය ගෝල 6 ක් රැස් කිරීම විෂේශත්වයකි.
ඡායාරූපයේ දැක්වෙන්නේ එම තරගයට මුහුණ දුන් ජයග්‍රාහී පාපන්දු කණ්ඩායමය.
එම්.අයි.සී. මල්ලිකා කත‍්‍රිආරච්චි මෙනෙවිය, රජිව් කාවින්ද, ඉරෝශාන් අනුරංග, සජන පුලන්ජිත්, එරන්ද සමීර, රන්දික ෆොන්සේකා, මිනුර මධුසංක සඳරුවන්, ජනිත් චන්දිමාල්, පුහුණුකරු සහීඞ් සලීග් මහතා
වමේසිට ඉඳගෙන කසුන්, සජිත් පෙරේරා, රජිත, කවිංග දර්ශාන්
www.supirikrida.com
No comments:
Post a Comment